ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංකල්පයකට අනුව ප්‍රථම වතාවට "වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්" සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම මස 12 සහ 13 පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
එක් අරමුණක් වෙනුවෙන් එක් හඬක් තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වෙන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර ඇත.
මෙමගින් ගෝලීය දකුණේ රටවල් එක් ස්ථානයකට ගෙන ඒමට හැකි වන බවත් එමගින් එම රටවල ප්‍රමුඛතා සහ ඉදිරි දර්ශන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ජී20 සමුළුවේ සභාපතීත්වය දරන ඉන්දියාව මෙම සමුළුව මගින් දකුණේ රටවලට විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බවත් "වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්" සමුළුවට සහභාගී වන රටවලට ජී 20 සමුළුවෙන් එම රටවල් බලාපොරොත්තු වන්නේ මොනවාද සහ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙන බවත් එම නිවේදනයේ දැක්වේ.
"වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්"සමුළුව සඳහා රටවල් 120 පමණ ආරාධනා කර තිබෙන බව එම නිවේදනය පෙන්වා දෙයි.
(034)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංකල්පයකට අනුව ප්‍රථම වතාවට "වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්" වීඩියෝ තාක්ෂණය පැවැත්වෙන සමුළුව සාර්ථක කරගැනීමට ගෝලීය තාක්ෂණික ආයතනහි ප්‍රධාන තනතුරු දරන්නාවූ ඉන්දියානු ජාතිකයන් විසල පිරිසකගේ දායකත්වය ලැබෙමින් තිබේ.