(විමුක්ති එස් රුද්‍රිගු)
විශාල මුදලක් වැය නොකර පෙබරවාරි මස නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.
වෙනත් රටකට ගොස් නිවාඩු ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයන් වෙනුවෙන් මෙම වසරේ මාස 12 සඳහා විශාල මුදලක් වැය නොකර හොඳ සේවාවක් ලබා ගත හැකි රටවල් 12 ක් අයි නිව්ස් වෙබ් අඩවිය නම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම පෙබරවාරි 4 වැනිදාට යේදී තිබීම හේතුවෙන් රටපුරා සැමරුම් උත්සව පැවැත්වෙනු ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.
එසේම ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල පෙබරවාරි මාසයේ පහළ මට්ටමක පවතින බවත් ඉකුත් වසරේ අප්‍රේල් මස රුපියල් 145 ක් වූ ස්ටර්ලිං පවුම් එකක් මේ වන විට රුපියල් 441 ක් වී ඇතිබවත් අයි නිව්ස් වෙබ් අඩවිය සඳහන් කර තිබේ.
ඒ හේතුවෙන් දවස් 15 ක ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශය සංචාරයක් සඳහා පුද්ගලයෙකුට වැය වෙන්නේ ස්ටර්ලිං පවුම් 1845 ක් බව අයි නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
ජනවාරි මස මොල්ටාව , පෙබරවාරියේ ශ්‍රී ලංකාව, මාර්තු මස බල්ගේරියාව, අප්‍රේල් මස ඇල්බේනියාව, මැයි මස මඩීරා දූපත්, ජූනි මස බාර්බේඩොස්, ජූලි මස තුර්කිය, අගෝස්තු මස බෙල්ජියම, සැප්තැම්බර් මස ජපානය, ඔක්තෝබර් මස ජෝර්දානය, නොවැම්බර් ඊජිප්තුව, දෙසැම්බර් ග්‍රීසිය මෙම අවුරුද්දේ විශාල මුදලක් වැය නොකර නිවාඩුවක් ගත කිරීම සඳහා සංචාරය කිරීමට සුදුසුම ලෝකයේ රටවල් ලෙස අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ඇවිල්ලා චූන් පාන් තමයි කන්න වෙන්නේ. බඩුමිල දැක්කම.
මෙය මුළු රටේම ජයග්‍රහණයක්...
ගල්කිස්ස බීච් එක දැක්කාම එනඑක කෙසේ වෙතත් මේ රටින් එළියට පැන ගන්නේ කොහොමද කියලා හිතෙයි...
අනේ උඹලා මේ හොඳම රටට ඇවිත් අපිව ඔබලාගේ රටට යවපල්ලකෝ...!
ඩොලර් එකක් රුපියල් 1000ක් විතර වුණානම් තව ටිකක් ලොකු වර්ණනාවක් අහගන්න තිබුණා...! කාලකණ්ණි ගෝත්‍රිකයින්...!
ඒකයි ලංකාවේ ඉන්න අය රටින් යන්න ලෑස්ති වෙන්නේ... මේ දේශපාලකයන් රට කෑවා...
මෙහි සම්පුර්ණ ගෞරවය අපේ වර්තමාන ජනපති රනිල් මහතාට සහ කබ්රාල් මහතාට හිමිවෙන්න ඕනේ..., රුපියල බාල්දු වෙන්න පටන් ගත්තේ පහුගිය යහපාලනය කාලයේ රනිල්තුමාගේ විශිෂ්ට පාලන හැකියාව නිසා, ඊට පස්සේ කබ්රාල් මැතිතුමා තමයි බාල්දු වේවි තිබ්බ රුපියල සම්පූර්ණයෙන්ම කඩා වට්ටලා ඩොලර් එකට උපරිම මිලක් ලබාදුන්නේ...
ඔවුන් මෙයින් අදහස් කරන්නේ ආර්ථික වශයෙන් සුද්දට වාසි බවයි.. හොඳට කියවන්න ඒ ගොල්ලන්ගේ ලිස්ට් එකේ තියෙන්නේ උද්ධමනය අධික රටවල්...!
පෙබරවාරි මාසයට වර්ජන, උද්ඝෝෂණ ටිකක් වැඩිපුර ප්ලෑන් කරන්න සහෝදරයා. නැත්නම් මේකට වැඩියෙන් ඩොලර් ආවොත් එහෙම අපිට ලොකු ප්‍රශ්නයක්...!
දවසේ ජෝක් එක...!
අපිට ඔය සංචාරකයන් ඕනෑ නැහැ... ඡන්දෙ තිබ්බා නම් ඇති නේද මම අහන්නේ..?
මේ රටේ සංචාරකයින්ට ඉහළම සැලකිලි සහ ප්‍රමුඛතා අංක එක... රටවැසියන්ට කුඩම්මාගේ සැලකිලි සහ ප්‍රමුඛතා අතින් දෙවැනි තැන...
නිදහස ලබනවිට සේනානායක සමුද්‍රය සෑදීමට තරම් ශක්තිමත්ව තිබුන ලංකාව සේනානායක මැතිතුමාගේ මරණයට පස්සෙ සිට ශ්‍ර්‍රිලංකාව දකුණු ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි කිව්වා ඉන් පස්සෙ ක්‍රමක්‍රමයෙන් පාලකයන්ගේ අදූරදර්ශී කටයුතු නිසා තම තමන්ගෙ පවුලේ බූදලයක් ලෙස සැලකූ තුනී පස් තට්ටුවකින් වැසුණු නිල් මැණිකක් වගේමයි කිවහකි ලංකාව රදල පවුල් ක්‍රමයෙන් අඩුවෙනවා වගේ රටේ සශ්‍රීකත්වය සීඝ්‍රයෙන් පහතට වැටී 1971 අලුත්ම රටක් ලෙසට ඇතිවූ බංග්ලාදේශයෙන් පවා ණයට ගන්නා තත්වයට පත්වුනා.දැන් කුඩා දරුවො සිටින නිවාස ඉදිරියේ බාලගිරි දෝෂය අදනොවෙයි හෙට කියනවා වගේ ලබන මස ලොව හොදම රට ලංකාව කියලා කියනවා කොහොමද සව්භාග්‍යයේ තරම
ස්ටර්ලිං පවුම 145හ ඒ් ගාන නම් නෙවෙයි. වරද නිවැරදි කරන්න.
හොඳම රට නොවේ,කන්නත් නැති රට.
හොඳ වැඩක් ජනාධිපති තුමනි . සෑම දෙයකටම ස්තූතියි .. 2023 වසර සඳහා සුභ පැතුම්
උද්දමනය අධ්ක රටවල් අතර ඉහළින්ම ඉන්න රටක් නිසා තමයි දන් ලාභ වෙලා තියෙන්නෙ මෙහෙ.නැතුවඒ ගොල්ල අපිට ආදෙරේට එන්නෙ නෑ.
හොඳම රට නෙමෙයි, ලාබම රට...
අපි මේකෙන් චුතවෙන්නෙ කොහොමද කියල කල්පනා කොරනවා
ශ්‍රී ලංකාවේ දැන් උද්ධමනය ඉතා ඉහළයි
විශ්වයේ හොඳම රට ලංකාව ,දැනට විශ්වය පටන්ගත් දා සිට.එයා ටිකට් එකක් යුරෝ 200/303/350 දීලා බලපල්ලා ලංකාවට අවුරුද්දෙම සෙනග එන විදිහ