IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ලබන මස ලොව හොඳම රට ශ්‍රී ලංකාව

(විමුක්ති එස් රුද්‍රිගු)

විශාල මුදලක් වැය නොකර පෙබරවාරි මස  නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

වෙනත් රටකට ගොස් නිවාඩු ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයන් වෙනුවෙන් මෙම වසරේ මාස 12 සඳහා විශාල මුදලක් වැය නොකර හොඳ සේවාවක් ලබා ගත හැකි රටවල් 12 ක් අයි නිව්ස් වෙබ් අඩවිය නම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම පෙබරවාරි 4 වැනිදාට යේදී තිබීම හේතුවෙන් රටපුරා සැමරුම් උත්සව පැවැත්වෙනු ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එසේම ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල පෙබරවාරි මාසයේ පහළ මට්ටමක පවතින බවත් ඉකුත් වසරේ අප්‍රේල් මස රුපියල් 145 ක් වූ ස්ටර්ලිං පවුම් එකක් මේ වන විට රුපියල් 441 ක් වී ඇතිබවත් අයි නිව්ස් වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන් දවස් 15 ක ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශය සංචාරයක් සඳහා පුද්ගලයෙකුට වැය වෙන්නේ ස්ටර්ලිං පවුම් 1845 ක් බව අයි නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ජනවාරි මස මොල්ටාව , පෙබරවාරියේ ශ්‍රී ලංකාව, මාර්තු මස බල්ගේරියාව, අප්‍රේල් මස ඇල්බේනියාව, මැයි මස මඩීරා දූපත්, ජූනි මස බාර්බේඩොස්, ජූලි මස තුර්කිය, අගෝස්තු මස බෙල්ජියම, සැප්තැම්බර් මස ජපානය, ඔක්තෝබර් මස ජෝර්දානය, නොවැම්බර් ඊජිප්තුව, දෙසැම්බර් ග්‍රීසිය මෙම අවුරුද්දේ විශාල මුදලක් වැය නොකර නිවාඩුවක් ගත කිරීම සඳහා සංචාරය කිරීමට සුදුසුම ලෝකයේ රටවල් ලෙස අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

 



අදහස් (33)

ලබන මස ලොව හොඳම රට ශ්‍රී ලංකාව

Kiri putha Sunday, 08 January 2023 12:21 PM

ලංකාවට ඇවිල්ලා චූන් පාන් තමයි කන්න වෙන්නේ. බඩුමිල දැක්කම.

:       86       63

ජෝකර් Sunday, 08 January 2023 04:47 PM

ඔබේ බුද්ධිය ගැන සුද්දන් පවා පුදුම වෙයි...

:       32       71

donMonday, 09 January 2023 09:58 AM

දවස 15 ට පවුම් 1845. = රුපියල් 813,645. මරු.

:       2       13

amilaMonday, 09 January 2023 10:03 AM

ගුවන් තොටුපොලේදි බෙරගසා, නටා, වයා, මල්මාලදමා පිලිගැනිම නොමිලෙ.. සල්ලි විතරයි ගෙන්න ඔන. ඔසාම බින් ලාඩන් ආවත් අපිට කමක් නෑ. එන්න ආසියවෙ අශ්චර්ය දැකගන්න.

:       9       8

SugathMonday, 09 January 2023 11:46 AM

නැත.., අපට මිල අධික නමුත් මුදල් අවප්‍රමාණයවීම නිසා ඔවුන්ට එය ඉතා ලාභදායීය. පිළිතුරු දීමේදී ඔබ ඔබේ බුද්ධිය භාවිතා කළ යුතුය.

:       1       13

janahitha UAEMonday, 09 January 2023 01:58 PM

සර්ව සුබවාදී නොවන්න සංචාරකයින් නොපැමිණියොත් රට තවත් අමාරුවේ... ඔවුන් සාදරයෙන්, සිනහවෙන් පිළිගනිමු... පසුව සොරුන් පන්නා දමමු...

:       0       9

නිලන්ත පෙරේරා Sunday, 08 January 2023 12:30 PM

මෙය මුළු රටේම ජයග්‍රහණයක්...

:       30       73

surasenaSunday, 08 January 2023 03:16 PM

අර හඳට පොලුගහලා ගොම ගොඩක් කෑවයි කියන්නේ ඔයාලට නේද?

:       44       48

ලමය Sunday, 08 January 2023 12:38 PM

ගල්කිස්ස බීච් එක දැක්කාම එනඑක කෙසේ වෙතත් මේ රටින් එළියට පැන ගන්නේ කොහොමද කියලා හිතෙයි...

:       47       41

මරා Sunday, 08 January 2023 01:05 PM

අනේ උඹලා මේ හොඳම රටට ඇවිත් අපිව ඔබලාගේ රටට යවපල්ලකෝ...!

:       29       72

Chrishan Sunday, 08 January 2023 04:08 PM

අම්මෝ...!

:       7       21

peththappu Sunday, 08 January 2023 02:01 PM

ඩොලර් එකක් රුපියල් 1000ක් විතර වුණානම් තව ටිකක් ලොකු වර්ණනාවක් අහගන්න තිබුණා...! කාලකණ්ණි ගෝත්‍රිකයින්...!

:       37       69

podiekaaSunday, 08 January 2023 02:43 PM

ඒ නිසා වෙන්න ඇති පුළුවන් තරම් අපේ රුපියල බාල්දු කරලා වට්ටන්නේ

:       18       37

fairoos Sunday, 08 January 2023 02:19 PM

ඒකයි ලංකාවේ ඉන්න අය රටින් යන්න ලෑස්ති වෙන්නේ... මේ දේශපාලකයන් රට කෑවා...

:       26       55

නිමේෂ් Sunday, 08 January 2023 02:23 PM

මෙහි සම්පුර්ණ ගෞරවය අපේ වර්තමාන ජනපති රනිල් මහතාට සහ කබ්රාල් මහතාට හිමිවෙන්න ඕනේ..., රුපියල බාල්දු වෙන්න පටන් ගත්තේ පහුගිය යහපාලනය කාලයේ රනිල්තුමාගේ විශිෂ්ට පාලන හැකියාව නිසා, ඊට පස්සේ කබ්රාල් මැතිතුමා තමයි බාල්දු වේවි තිබ්බ රුපියල සම්පූර්ණයෙන්ම කඩා වට්ටලා ඩොලර් එකට උපරිම මිලක් ලබාදුන්නේ...

:       28       42

ganegodaSunday, 08 January 2023 03:04 PM

බලාගෙන ඉන්නේ ඡන්දෙ ඉල්ලන්න එනකන්... අසූචි මුට්ටි සංග්‍රහයක් සූදානම් වෙමින් පවතින බව කරුණාවෙන් දැනුම් දෙමු...

:       15       47

චිත්‍රවල්ලි Monday, 09 January 2023 06:36 AM

උපුල් මහත්තයෝ නිව්සිලන්ඩ් වල අසුචි ලාබද..?

:       5       6

RANDILMonday, 09 January 2023 01:41 PM

ඔලුව කොහේ හරි වැදුන පිස්සෙක්

:       2       6

Priyantha Sunday, 08 January 2023 02:46 PM

ඔවුන් මෙයින් අදහස් කරන්නේ ආර්ථික වශයෙන් සුද්දට වාසි බවයි.. හොඳට කියවන්න ඒ ගොල්ලන්ගේ ලිස්ට් එකේ තියෙන්නේ උද්ධමනය අධික රටවල්...! 

:       9       59

Prabha Sunday, 08 January 2023 10:46 PM

බෙල්ජියමේ, ජපානයේ උද්ධමනය අපිට වඩා වැඩි ඇත් නේද?

:       0       4

යෝගා Sunday, 08 January 2023 02:55 PM

පෙබරවාරි මාසයට වර්ජන, උද්ඝෝෂණ ටිකක් වැඩිපුර ප්ලෑන් කරන්න සහෝදරයා. නැත්නම් මේකට වැඩියෙන් ඩොලර් ආවොත් එහෙම අපිට ලොකු ප්‍රශ්නයක්...!

:       44       45

Chrishan Sunday, 08 January 2023 04:08 PM

දවසේ ජෝක් එක...!

:       25       41

sampath Sunday, 08 January 2023 05:59 PM

අපිට ඔය සංචාරකයන් ඕනෑ නැහැ... ඡන්දෙ තිබ්බා නම් ඇති නේද මම අහන්නේ..?

:       17       35

Perera Sunday, 08 January 2023 08:47 PM

මේ රටේ සංචාරකයින්ට ඉහළම සැලකිලි සහ ප්‍රමුඛතා අංක එක... රටවැසියන්ට කුඩම්මාගේ සැලකිලි සහ ප්‍රමුඛතා අතින් දෙවැනි තැන...

:       0       0

මොහොට්ටාල Monday, 09 January 2023 08:05 AM

නිදහස ලබනවිට සේනානායක සමුද්‍රය සෑදීමට තරම් ශක්තිමත්ව තිබුන ලංකාව සේනානායක මැතිතුමාගේ මරණයට පස්සෙ සිට ශ්‍ර්‍රිලංකාව දකුණු ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි කිව්වා ඉන් පස්සෙ ක්‍රමක්‍රමයෙන් පාලකයන්ගේ අදූරදර්ශී කටයුතු නිසා තම තමන්ගෙ පවුලේ බූදලයක් ලෙස සැලකූ තුනී පස් තට්ටුවකින් වැසුණු නිල් මැණිකක් වගේමයි කිවහකි ලංකාව රදල පවුල් ක්‍රමයෙන් අඩුවෙනවා වගේ රටේ සශ්‍රීකත්වය සීඝ්‍රයෙන් පහතට වැටී 1971 අලුත්ම රටක් ලෙසට ඇතිවූ බංග්ලාදේශයෙන් පවා ණයට ගන්නා තත්වයට පත්වුනා.දැන් කුඩා දරුවො සිටින නිවාස ඉදිරියේ බාලගිරි දෝෂය අදනොවෙයි හෙට කියනවා වගේ ලබන මස ලොව හොදම රට ලංකාව කියලා කියනවා කොහොමද සව්භාග්‍යයේ තරම

:       2       9

R.P.K. gunasekara Monday, 09 January 2023 08:09 AM

ස්ටර්ලිං පවුම 145හ ඒ් ගාන නම් නෙවෙයි. වරද නිවැරදි කරන්න.

:       1       2

Hemantha kumara Monday, 09 January 2023 08:45 AM

හොඳම රට නොවේ,කන්නත් නැති රට.

:       5       8

Lal Monday, 09 January 2023 09:02 AM

හොඳ වැඩක් ජනාධිපති තුමනි . සෑම දෙයකටම ස්තූතියි .. 2023 වසර සඳහා සුභ පැතුම්

:       3       8

Dhanushka Monday, 09 January 2023 09:54 AM

උද්දමනය අධ්ක රටවල් අතර ඉහළින්ම ඉන්න රටක් නිසා තමයි දන් ලාභ වෙලා තියෙන්නෙ මෙ⁣හෙ.නැතුවඒ ගොල්ල අපිට ආදෙරේට එන්නෙ නෑ.

:       5       8

kamal Monday, 09 January 2023 10:30 AM

හොඳම රට නෙමෙයි, ලාබම රට...

:       3       8

සිසිර Monday, 09 January 2023 11:59 AM

අපි මේකෙන් චුතවෙන්නෙ කොහොමද කියල කල්පනා කොරනවා

:       3       6

badur Monday, 09 January 2023 11:51 PM

ශ්‍රී ලංකාවේ දැන් උද්ධමනය ඉතා ඉහළයි

:       2       2

ranmuthusumanasiri Tuesday, 10 January 2023 12:02 AM

විශ්වයේ හොඳම රට ලංකාව ,දැනට විශ්වය පටන්ගත් දා සිට.එයා ටිකට් එකක් යුරෝ 200/303/350 දීලා බලපල්ලා ලංකාවට අවුරුද්දෙම සෙනග එන විදිහ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 1455 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 396 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 624 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1138 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 731 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 963 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1204 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1502 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site