(කේ. බුද්ධික කුමාරසිරි)

මූලස්ථාන පොලිසිය මගින් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයකු මිය යෑමේ  සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනකු ඇතුළු නිලධාරින් තිදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කළ බව හෝමාගම  පොලිස් කොට්ඨාස පවසයි.

ඒ අනුව හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක, ස්ථානාධිපති දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සහ පොලිස් උප සේවා රාජකාරිවල නිරත වූ පොලිස් කොස්තාපල්වරයකු මෙලෙස වැඩ තහනමට ලක් කර ඇතිි බව එම කාර්යාලය පවසයි.

මියගිය පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ නියෝග මත දකුණු කොළඹ මහ රෝහලේදී පැවැත්වීමට ඊයේ දින අපොහොසත් වී ඇති බැවින් හෙට (27) දින එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත වේ.