(යොහාන් භාසුර)
සුරාබදු දෙපාර්තමේන්තු පසුගිය වසරේ රුපියල් බිලියන 170 ක් හෙවත් කෝටි 17,000 ක ආදායමක් උපයා ඇති බවත් එය සුරාබදු ඉතිහාසයේ වසරකදී ලැබූ ඉහළම ආදායම බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය.
එම දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් හෙවත් රුපියල් කෝටි 21,700 ක් බව කී කුමාරසිංහ මහතා දැඩි නිලධාරී හිඟයක් තිබියදී මෙවැනි ආදායමක් ලැබීම කැපී පෙණෙන බව ද සඳහන් කළේය.
සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම වැඩි කරගැනීමට සහ දේශීයව නිෂ්පාදනය කරන මත්පැන්වල ප්‍රමිතිය පත්වාගෙන යෑම සඳහා ප්‍රමිති සහතික දීම සහ ලාංඡනයක් හදුන්වාදීම වැනි ව්‍යාපෘති ආරම්භ කර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිලියන 170 ආදායම උපයලා.. මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නේද? ඡන්දයට බිලියන 12නේ... ඡන්දය නොතියා තවදුරටත් රට බංකොළොත් කරගෙන යනවා.
දළදා වහන්සේට ඇති ගව්රවය ප්‍රදර්ශනය කිරීමට ඇප කැප වූ සැමට තුති.