(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට බිත්තර නොමිලේ ලබාදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

මේ අතර කොළඹ සියලු ආර්ථික මධ්‍යස්ථානවලට රුපියල් 53ට බිත්තර ලබාදීමට කටයුතු කරන බව එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.

බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් අද (07) කොළඹට රැගෙන එන බව ඔහු වැඩි දුරටත් කීවේය