(සුජිත් හේවාජුලිගේ)
විදුලිය ගාස්තු ඉහළ දැමීමට එරෙහිව අද (8) පස්වරු 6.30 සිට රාත්‍රී 7 දක්වා රටපුරා සියලු විදුලි පහන් නිවා දමා නිහඬ විරෝධතාවක් පළකරන ලෙස ඕමල්පේ සෝභිත නාහිමියෝ ජනතාවගෙන් ඉල්ලීමක් කරති.
උන්වහන්සේ මෙසේද පැවසූහ.
"කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේකට නිහඬ විරෝධතාවයක් දක්වන්න. මේ අඩ හෝරාව කරුණාකර ලයිට් නිවලා විරෝධය පළ කරන්න අපිට පුළුවන්"
මේ අතර පුර පසළොස්වක පොහොය යෙදී තිබූ ඊයේ (06) දිනයේද විදුලි කප්පාදුව කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව රැසක් සිය විරෝධය ප්‍රකාශ කළහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික ස්ථානවල විදුලි බිල් ගෙවීම ඒ ඒ ආගමික ස්ථානවල දායක සභාවල , භාරකාර මණ්ඩලවල වගකීමක් නේද ස්වාමීන්වහන්ස ...
හැමදාම වැඩිපුර පැය භාගයක් කලුවරේ ඉන්න. විදුලි බිල කොහොමත් අඩුවෙලා එයි
කරුනාකරල බණ පදයක් කියවගෙන පාඩුවෙ ඉන්න හාමුදුරුවනේ. ඔය තියන වාහන කන්දරාව විකුනලා සෝලා පැනල් ටිකක් හයිකරල දෙන්න ලිට් බිල් ගෙවන්න බැරි පවුල් වලට.
අපේ බිල අපි ගෙවන්නම්, කරුණාකරලා ඔබලාගේ දේශපාලන වාසියට අපිව පාවිච්චි කරන්න එපා...
පන්සල්වල බිල අඩූවුණු ගමන් ඔය ඔක්කොම නවතියි. ඒ බිලේ බරත් සාමාන්‍ය ජනතාවට...