(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිරිහාන පොලිස් වසමේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයෙකුට ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළේ යැයි කියන සැරයන්වරයකු සහ ඔහු සමග රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ තිබූ එම ගිනි අවිය ද ජීව උණ්ඩ විසි නමයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයාට ජීව උණ්ඩ තිහක් නිකුත් කර තිබූ අතර එයින් එක් උණ්ඩයක් අස්ථානගත වී ඇති බවත් එයට සිදුවූයේ කුමක්ද යන්න ගැන හොයා ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. හිටපු ජනාධිපතිවරයාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු එම ස්ථානයේ රැඳී සිට නැතියි පොලීසිය සඳහන් කරයි
එම ස්ථානයේ රැඳී නොසිටි කොස්තාපල්වරයා රාජකාරි කිරීමට යොදවා තිබූ ස්ථානයට පැමිණි අවස්ථාවේ පොලිස් සැරයන්වරයා ඒ ගැන කොස්තාපල් ගෙන් කරුණු විමසා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි
මෙසේ කරුණු විමසීම ගැන කුපිත වූ බව කියන සැකකාර කොස්තාපල්වරයා පොලිස් සැරයන්වරයා සමග බහින්බස් වීමක් සිදු කරගෙන සැරයන්වරයාට වෙඩි තැබීමට උත්සාහ කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
පොලිස් සැරයන්වරයා මේ බව මිරිහාන මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පරීක්ෂණ පවත්වා සැකකාර කොස්තාපල්වරයා ගිනි අවියද සමග අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාපය පැතිරෙමින් පවතී....
වැරැදිලාවත් නන්දෙට වෙඩි වැදුණොත් ඉවරයි...