පාසල් ළමුන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරන බවට චෝදනා කරමින් ඇමෙරිකාවේ සියැටල් නගරයේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 100 ක ප්‍රධානීන් මෙටා, බයිට් ඩාන්ස්, ඇල්ෆබට් සහ ස්නැප් සමාගම් වලට විරුද්ධව සියැටල් ෆෙඩරල් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.
මෙටා, බයිට් ඩාන්ස්, ඇල්ෆබට් සහ ස්නැප් සමාගම් යනු සමාජ මාධ්‍ය ජාලාවල හිමිකාරිත්වය දරන මවු සමාගම් වේ.
ටික්ටොක් මවු සමාගම වන බයිට් ඩාන්ස් පාසල් යන වයසේ ළමුන් විශාල සංඛ්‍යාවක් ටික්ටොක් වෙත ඇදගෙන ඇති බවත් එම ළමුන්ගේ මානසික සෞඛ්‍ය පිරිහී ඇති බවත් පාසල් ගොනු කළ චෝදනාවේ සඳහන් වේ.
පාසල් ළමුන් සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වීම හේතුවෙන් කාංසාව සහ ආතතිය ඇතුළු මානසික ප්‍රශ්න වලට මුහුණ දී ඇති බවත් ඒ හේතුවෙන් පාසල් වලට ළමුන්ගේ අධ්‍යාපන ඉලක්ක සපුරාලීම කළ නොහැකි වී ඇතැයි එම පාසල් පෙන්වා දී තිබේ.
මෙම පාසල් 100 ළමුන් 50,000 ක් පමණ ඉගෙනුම ලබන බවත් ඇමෙරිකාවේ අධ්‍යාපන කලාපයක් මෙවැනි ආකාරයේ නඩුවක් ගොනු කළ ප්‍රථම අවස්ථාව මෙය බවත් පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයේ සහ ජපානයේ ළමුන් සමග සසඳන විට ඇමරිකාවේ ළමුන් අධිවේගවත් ගමනකයි සිටින්නේ. සමාජ ආචාර ධර්ම හර පද්ධති වලින් බැහැරවයි ඔවුන් ගමන් කරන්නේ. ඇති නැති පරතරය යුරෝපයට වඩා බොහෝ වැඩි නිසා අඩු ආදායම් ලබන පවුල්වල ළමයින්ට හොඳ පාසලක් හෝ විශ්ව විද්‍යාලයක් සොයාගැනීමට අමාරුයි. ඇමරිකාවේ බොහෝ ලාංකික පවුල් වලට මෙය බලපා ඇත. හොඳ පාසලක් නොලැබීම නිසාම නරක ආශ්‍රය සහ ජීවිත අනාරක්ෂිත බව වැඩිවේ. නරක පාසල්වලට එන්නේ වැරැදි පසුබිමක් ඇති පවුල් වල ත්‍රාඩළමුන්ය. ඔවුන් තුවක්කු අතදරති.... මානසික ආතතිය සහිත වැඩි හරියක් මත්ද්‍රව්‍ය බහුලව භාවිතා කරති. කිසිම පොලිස් ආවරනයක් නැති චිකාගෝ සවුත්සයිඩ් වලදී මම මෙවන් අයාලේ යන සිසුන් දැක්කෙමි...
මේ, මුට්ටියක් දාලා බලන්න. අනාගතයේ අපිට මේ ක්‍රමයෙන් පුළුවන්ද බලන්න..