IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ සමාජ මාධ්‍යවලට පාසල්වලින් නඩු

පාසල් ළමුන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරන බවට චෝදනා කරමින් ඇමෙරිකාවේ සියැටල් නගරයේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 100 ක ප්‍රධානීන් මෙටා, බයිට් ඩාන්ස්, ඇල්ෆබට් සහ ස්නැප් සමාගම් වලට විරුද්ධව සියැටල් ෆෙඩරල් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.

මෙටා, බයිට් ඩාන්ස්, ඇල්ෆබට් සහ ස්නැප් සමාගම් යනු සමාජ මාධ්‍ය ජාලාවල හිමිකාරිත්වය දරන මවු සමාගම් වේ.

ටික්ටොක් මවු සමාගම වන බයිට් ඩාන්ස් පාසල් යන වයසේ ළමුන් විශාල සංඛ්‍යාවක් ටික්ටොක් වෙත ඇදගෙන ඇති බවත් එම ළමුන්ගේ මානසික සෞඛ්‍ය පිරිහී ඇති බවත් පාසල් ගොනු කළ චෝදනාවේ සඳහන් වේ.

පාසල් ළමුන් සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වීම හේතුවෙන් කාංසාව සහ ආතතිය ඇතුළු මානසික ප්‍රශ්න වලට මුහුණ දී ඇති බවත් ඒ හේතුවෙන් පාසල් වලට ළමුන්ගේ අධ්‍යාපන ඉලක්ක සපුරාලීම කළ නොහැකි වී ඇතැයි එම පාසල් පෙන්වා දී තිබේ.

මෙම පාසල් 100 ළමුන් 50,000 ක් පමණ ඉගෙනුම ලබන බවත් ඇමෙරිකාවේ අධ්‍යාපන කලාපයක් මෙවැනි ආකාරයේ නඩුවක් ගොනු කළ ප්‍රථම අවස්ථාව මෙය බවත් පැවැසෙයි.

 



අදහස් (2)

ඇමෙරිකාවේ සමාජ මාධ්‍යවලට පාසල්වලින් නඩු

පිටිගල මිලානෝ Sunday, 08 January 2023 04:47 PM

යුරෝපයේ සහ ජපානයේ ළමුන් සමග සසඳන විට ඇමරිකාවේ ළමුන් අධිවේගවත් ගමනකයි සිටින්නේ. සමාජ ආචාර ධර්ම හර පද්ධති වලින් බැහැරවයි ඔවුන් ගමන් කරන්නේ. ඇති නැති පරතරය යුරෝපයට වඩා බොහෝ වැඩි නිසා අඩු ආදායම් ලබන පවුල්වල ළමයින්ට හොඳ පාසලක් හෝ විශ්ව විද්‍යාලයක් සොයාගැනීමට අමාරුයි. ඇමරිකාවේ බොහෝ ලාංකික පවුල් වලට මෙය බලපා ඇත. හොඳ පාසලක් නොලැබීම නිසාම නරක ආශ්‍රය සහ ජීවිත අනාරක්ෂිත බව වැඩිවේ. නරක පාසල්වලට එන්නේ වැරැදි පසුබිමක් ඇති පවුල් වල ත්‍රාඩළමුන්ය. ඔවුන් තුවක්කු අතදරති.... මානසික ආතතිය සහිත වැඩි හරියක් මත්ද්‍රව්‍ය බහුලව භාවිතා කරති. කිසිම පොලිස් ආවරනයක් නැති චිකාගෝ සවුත්සයිඩ් වලදී මම මෙවන් අයාලේ යන සිසුන් දැක්කෙමි...

:       0       11

කරුණාජීව Sunday, 08 January 2023 08:45 PM

මේ, මුට්ටියක් දාලා බලන්න. අනාගතයේ අපිට මේ ක්‍රමයෙන් පුළුවන්ද බලන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site