IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඡන්ද තිබ්බොත් රට තවත් වැටේවි

(අංජුල මහික වීරරත්න)

ආර්ථික වශයෙන් රට කඩා වැටී ඇති අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමෙන් වන්නේ රට තවත් පහලට වැටී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

2022 ලංකා ඉතිහාසයේ ඉතාම නරකම වසරක් හැටියට කළු පැල්ලමක් ඉතිහාසයට එකතු වී තිබෙන නමුත් 2023 රටටත් ජනතාවටත් ඉතා වැදගත් වර්ෂයක් හැටියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අර්ථ දක්වා තිබෙන බවද වජිර අබේවර්ධන මහතා කීය.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති මනුෂ්‍යත්වයේ සමාජ සත්කාර පදනම (MUGP Organization) මගින් සංවිධානය කරන ලද සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

 



අදහස් (17)

ඡන්ද තිබ්බොත් රට තවත් වැටේවි

ganegoda Sunday, 08 January 2023 03:06 PM

ඡන්දයක් නොතිබ්බොත් අර නන්දසේන ගියාවගේ හොම්බෙන් තමයි යන්න වෙන්නේ...!

:       4       51

Upali Sunday, 08 January 2023 04:29 PM

බම්බුව.

:       2       1

BamunuarachchiTuesday, 10 January 2023 04:34 PM

බම්බුව නොවෙයි වැටෙන්නේ රටේ ආර්ථිකය. මෙය දන්න බම්බුව.

:       0       0

ranjith Sunday, 08 January 2023 06:12 PM

ඡන්දෙකින් ආව කෙනෙක් නම් කමක් නැහැ. පින් මන්ත්‍රීලා ඡන්දයට බයවෙලා...

:       0       0

Nalaka Sunday, 08 January 2023 06:15 PM

අපි තමයි රට කඩා වාට්ටුවේ.. දැන් සල්ලි නෑ. ඒක හින්ද චන්දෙ නොතිය අපිව තව කාලයක් තියාගන්න, තව ටිකක් කඩා වට්ටලා ඉවරම කරලා දාන්න. ඕක නවෙයිද මෙයාල කියන්නේ?

:       0       1

Pradeep Sunday, 08 January 2023 07:22 PM

රට කෙසේවෙතත් පල්හොරු ටිකට නම් යන එන මං නැතිවෙනවා...

:       1       23

Akila Sunday, 08 January 2023 07:55 PM

මුලින්ම කරන්න ඕනේ ව්‍යවස්ථා සංශෝදනයක් කරලා මේ වගේ මිනිස්සු චන්දයෙන් පරද කරලා ගෙදර යවපු හොරු හොර පාරෙන් පාර්ලිමේන්තු එන එක වලක්වන එක

:       0       1

de silva Sunday, 08 January 2023 08:34 PM

චන්දයක් තිබොත් එජපෙ සහ පොහොට්ටුව කුනු කුඩෙට වැටෙවි

:       0       0

Perera Sunday, 08 January 2023 09:37 PM

ඔක ගොට්ට අල්ල අල්ල ආන්ඩුව වෙනුවෙන් කහිනවට මිනිහට ඇමති පට්ටමක් හරි මහ අමති පට්ටමක් හරි ආන්ඩුකාර පට්ටමක් හරි ලැබෙන්න නියමිතයි.

:       0       0

Kumara Sunday, 08 January 2023 10:00 PM

ඔය ඔක්කොගේම බෙල්ලේ ගල් බැඳලා මහ මුහුද මැදට ගිහින් දානවා...

:       0       0

Sriyal Monday, 09 January 2023 07:26 AM

මෝඩයෙක්නෙ කියන්නෙ

:       0       0

Rohana Monday, 09 January 2023 08:13 AM

වජිර කියන්නේ රනිල්ගේ ගෝලයෙක්නෙ. ඒ නිසා රනිල්ගේ සෑම මතයකටම යස් සර් කියන මොහුගෙන් සත්‍ය ප්‍රකාශනයක් කිසිසේත් බලාපොරොත්තු විය නොහැක. මැතිවරණ පැවැත්වීමෙන් ආණ්ඩුවට පක්ෂව ලැබිය හැකි ඡන්ද ප්‍රමාණය සීග්‍රයෙන් පහත වැටී ඇති බැවින් ඡන්ද තිබීමට ආණ්ඩුවේ කැමැත්තක් නැතිබව ඇත්ත කාරණයයි.

:       0       1

Bamunuarachchi Monday, 09 January 2023 08:20 AM

මේක චන්දයක් තියන්න අවස්තාව නොවෙයි. මොකද ඊලනගට පත්වෙන එකා මජික්වලින් රට ගොඩ ගන්නද? එනිසා චන්දයක් දැන්ම එපා.

:       2       2

ගැමියෙක් Monday, 09 January 2023 08:25 AM

ආයේ කොහාට වැටෙන්නද ලොක්කා මේ රට. ඔය දෙගොල්ලොම කරපු සංවර්දනය තමයි මේ මිනිස්සු බුක්ති විඳින්නේ.

:       0       1

ලලිත් Monday, 09 January 2023 08:46 AM

කටවහගෙන ඉදපං මෝඩයෝ.උඹල හිතන්නෙ ජනතාව ගොන්නු කියලද.

:       0       2

sharm warn Monday, 09 January 2023 10:18 AM

ඉතින් ඔහෙට මොකද? ඔහෙත් ආවේ පස්සෙ දොරෙන්නේ...නම්බු පිටින් ගෙදර යන්න හිතාගත්තොත් නරකද? අඩුගානේ ගෙදර උදවිය වත් වස්ත්‍රයක් ඇඳන් පාරෙ යයිනේ...!

:       0       1

Lal Tuesday, 10 January 2023 12:31 AM

කරුණාකර මැතිවරණ එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site