
(අංජුල මහික වීරරත්න)
ආර්ථික වශයෙන් රට කඩා වැටී ඇති අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමෙන් වන්නේ රට තවත් පහලට වැටී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
2022 ලංකා ඉතිහාසයේ ඉතාම නරකම වසරක් හැටියට කළු පැල්ලමක් ඉතිහාසයට එකතු වී තිබෙන නමුත් 2023 රටටත් ජනතාවටත් ඉතා වැදගත් වර්ෂයක් හැටියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අර්ථ දක්වා තිබෙන බවද වජිර අබේවර්ධන මහතා කීය.
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති මනුෂ්‍යත්වයේ සමාජ සත්කාර පදනම (MUGP Organization) මගින් සංවිධානය කරන ලද සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් නොතිබ්බොත් අර නන්දසේන ගියාවගේ හොම්බෙන් තමයි යන්න වෙන්නේ...!
ඡන්දෙකින් ආව කෙනෙක් නම් කමක් නැහැ. පින් මන්ත්‍රීලා ඡන්දයට බයවෙලා...
අපි තමයි රට කඩා වාට්ටුවේ.. දැන් සල්ලි නෑ. ඒක හින්ද චන්දෙ නොතිය අපිව තව කාලයක් තියාගන්න, තව ටිකක් කඩා වට්ටලා ඉවරම කරලා දාන්න. ඕක නවෙයිද මෙයාල කියන්නේ?
රට කෙසේවෙතත් පල්හොරු ටිකට නම් යන එන මං නැතිවෙනවා...
මුලින්ම කරන්න ඕනේ ව්‍යවස්ථා සංශෝදනයක් කරලා මේ වගේ මිනිස්සු චන්දයෙන් පරද කරලා ගෙදර යවපු හොරු හොර පාරෙන් පාර්ලිමේන්තු එන එක වලක්වන එක
චන්දයක් තිබොත් එජපෙ සහ පොහොට්ටුව කුනු කුඩෙට වැටෙවි
ඔක ගොට්ට අල්ල අල්ල ආන්ඩුව වෙනුවෙන් කහිනවට මිනිහට ඇමති පට්ටමක් හරි මහ අමති පට්ටමක් හරි ආන්ඩුකාර පට්ටමක් හරි ලැබෙන්න නියමිතයි.
ඔය ඔක්කොගේම බෙල්ලේ ගල් බැඳලා මහ මුහුද මැදට ගිහින් දානවා...
මෝඩයෙක්නෙ කියන්නෙ
වජිර කියන්නේ රනිල්ගේ ගෝලයෙක්නෙ. ඒ නිසා රනිල්ගේ සෑම මතයකටම යස් සර් කියන මොහුගෙන් සත්‍ය ප්‍රකාශනයක් කිසිසේත් බලාපොරොත්තු විය නොහැක. මැතිවරණ පැවැත්වීමෙන් ආණ්ඩුවට පක්ෂව ලැබිය හැකි ඡන්ද ප්‍රමාණය සීග්‍රයෙන් පහත වැටී ඇති බැවින් ඡන්ද තිබීමට ආණ්ඩුවේ කැමැත්තක් නැතිබව ඇත්ත කාරණයයි.
මේක චන්දයක් තියන්න අවස්තාව නොවෙයි. මොකද ඊලනගට පත්වෙන එකා මජික්වලින් රට ගොඩ ගන්නද? එනිසා චන්දයක් දැන්ම එපා.
ආයේ කොහාට වැටෙන්නද ලොක්කා මේ රට. ඔය දෙගොල්ලොම කරපු සංවර්දනය තමයි මේ මිනිස්සු බුක්ති විඳින්නේ.
කටවහගෙන ඉදපං මෝඩයෝ.උඹල හිතන්නෙ ජනතාව ගොන්නු කියලද.
ඉතින් ඔහෙට මොකද? ඔහෙත් ආවේ පස්සෙ දොරෙන්නේ...නම්බු පිටින් ගෙදර යන්න හිතාගත්තොත් නරකද? අඩුගානේ ගෙදර උදවිය වත් වස්ත්‍රයක් ඇඳන් පාරෙ යයිනේ...!
කරුණාකර මැතිවරණ එපා