(ප්‍රේමතිලක පෙරමුණ)

ජාතික ජනබලවේගය හදන ආණ්ඩුවක උපරිම කැබිනට්ටුවේ සාමාජිකයන් ගණන අනිවාර්යයෙන් 25 කට සීමා කරන බවත්,මෙතුවක් කල් පාලකයන් පොල්කටු හැන්දෙන් බෙදාගෙන ජනතාවට කන් හැන්දෙන් බෙදන න්‍යාය වෙනස් කරන බව කළුතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  මතුගම දී පැවසීය

ජාතික ජනබලවේගය මතුගම ආසන බල මණ්ඩල කැදවීම් අවස්ථාවට සහභාගි වෙමින් ඒ මහතා එසේ පැවසීය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා " අපි හදන ආණ්ඩුවක කැබිනට් මණ්ඩලය සීමා කරනවා පමණක් නොවේ ඇමති කාර්‍ය මණ්ඩලය සීමා කර, අමාත්‍යවරයාගේ පවුලේ කිසිම සාමාජිකයකු පත නොකිරීමට වග බලා ගන්නා බවට සහතික වෙනවා ඒ වගේම ඒ පෞද්ගලික කාර්‍ය මණ්ඩලයේ අයගෙ අධ්‍යාපන සුදුසුකම් ජනතාවට දැනගැනීමට සැලැස්වීම අනිවාර්යෙන්ම නීතියක් බවට පත් කරනවා ,

දැන් රාජ්‍ය ඇමතිවරයෙකුටත් වාහන තුනක් තිබෙනවා.මොකටද වාහන තුනක්.එයාලගේ ඔලුව ,කද අතපය වෙන වෙනම යවනවද.? මේකට කියන්නෙ රථ ගාය මේ වාහන මේනියාව වහාම නැති කරනවා

දැනටමත් අපි හිටපු ජනාධිපතිවරුන් සහ එයාලගේ ආර්යාවන් බලා ගැනීම එයාලගේ දරුවන්ගේ යුතුකමක් වගකීමක්. එහෙම බැරිනම් පාර්ලිමේන්තුවට කිව්වොත් ඒකට පිං අර මුදලක් ඇති කිරීම ගැන සලකා බලන්න පුලුවන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවට තමන්ගේ අධ්‍යාපන අධ්‍යාපන සුදුසුකම් දැනගැනීමට සැලැස්වීම නීතියක් බවට පත් කරනවා එහෙම නැතුව මේ රට කවදාවත් හදන්න බෑ