
( පුෂ්පකුමාර ජයරත්න)
මේ දිනවල ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන පොතුහැර වදාකඩ ඉදිකර ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අකෘතිය හා සමාන ගොඩනැගිල්ලට අයත් පත්තිරිප්පුව සහිත කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට එම ස්ථානයේ හිමිකරු වන ජානක චන්ද්‍ර සේනාධිපති මහතා පියවර ගෙන ඇත.
ඊයේ (8) පෙරවරුවේ සිට එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන ආකාරය දැකගත හැකි විය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට සමාන ගොඩනැගිල්ලක් ඉදිකර නියම දළදා වහන්සේ එම ස්ථානයේ සිටින බව පවසමින් ජනතාව රවටමින් මුදල් හා රන් භාණ්ඩ එකතු කිරීමේ ව්‍යාපාරයක ජනක සේනාධිපති නමැත්තා යෙදී සිටින බැවින් එම බෞද්ධ විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් සමඟ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබුණි.
එම දැනුම් දීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබියදී එම ස්ථානය නැරඹීමට පෙරේදා (7) ගිය හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ශ්‍රී දළදා මාලිගාවට හානියක් සිදු වන ආකාරයටත් බෞද්ධ ජනතාව ඇවිස්සෙන ආකාරයටත් ඉදිකර තිබෙන පත්තිරිප්පුව හා සමාන ගොඩනැගිල්ල වහාම කඩා ඉවත් කරන ලෙස සේනාධිපති මහතාට දැනුම් දුන්නේය.
තමා නැවත සති දෙකකින් මෙම ස්ථානයට එන බවද ඒ එන විට එම ගොඩනැගිල්ල කඩා ඉවත් කර නොතිබුණොත් තමන් එය කඩා ඉවත් කිරීමට පියවර ගන්නා බවද සිල්වා මහතා කියා සිටියේය.
මර්වින් සිල්වා මහතාගේ නියෝගයක් බදු එම දැනුම් දීම එම අවස්ථාවේදීම පිළිගත් සේනාධිපති මහතා අද පෙරවරුවේ සිටම එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සන්ගේ ලෝකයේ තවත් කෙනෙක්...!
සැබෑ බෞද්ධයන් මේ ප්‍රශ්නයෙන් සසල වෙලා ඉන්නෙ.
මර්වින් සිල්වා මහතා ජනාධිපති කරමු. කෙලින් වැඩකරන ඔබතුමාට අපගේ ගෞරවය...!
මොනවා කරන්නත් අතේ සල්ලි තියෙන්න ඕනේ...! දැන් අපේ රටට සිද්ද වේගෙන එන ආර්ථික ගැටළු නිසා ළඟදීම තවත් දෙයක් සිද්ද වෙයි.
මර්වින් සිල්වාට ගහලා පන්නන්න කෙනෙක් හිටියේ නැති හැටි...
කපටින්ට රැවටෙන මෝඩයින් රංචු පිටින් ඉන්න ගමක් හා රටක්...
පසුගියකාලේ... හැමදේටම බොරුවට කෑ ගහපු වොයිස් කට්... මර්විනුත් බොරුවට ලකුණු දාගන්න හදන්නේ...!
මේවගේ ගොඩනැඟිලි ලංකාවේ වෙනත් විහාරස්ථානවල ඕනෑ තරම් තියෙනවා. කොළඹ හතේ ධනවත් පවුලක් ඔවුන්ගේ අවසන් කැමති පත්‍රයෙන් එක්තරා සුප්‍රකට ස්වාමීන් වහන්සේ නමකට පුජාකළ සුවිසල් මන්ධිරයක් විහාරස්ථානයක් ලෙස පවත්වාගෙන යන අතර එතන මෙයටත් වඩා විශාල පත්තිරිප්පුවක් හිටපු ජනාධිපති වරයා විසින් නාවික හමුදාව යොදවා නිර්මාණය කර දුන්න බව කවුරුත් දන්නා දෙයක්. මේවාට මේ නීති බලපාන්නේ නැද්ද ?
ලංකාව දුප්පත් රටක් කියන්නේ බොරු.. මේ වගේ දේවල් වලට වියදම් කරන්න සල්ලි තියෙනවා. දුප්පත් මිනිස්සුන්ට මොනවා හරි කරන්නේ නැහැ..
ගිය වතාවෙ නයි මේ වතාවෙ දන්ත දාතුව තව මොන මොන නාඨක ඒවිද ඉදිරියට
රනිල් වික්‍රමසිංහ තවමත් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලන අතර, මර්වින් සිල්වා ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වී ඇත.
ආගම අල්ලාගෙන මොකක් හරි දෙයක් කරන එක නැවතීම අදක්ෂකමේ ලක්ෂණයක්.නිර්මාණයක් රස විඳින්න නොදන්න කම නිර්මාණ කරුවන්ට කරන ලොකුම අපරාධය.
බෟද්ධ යයි කියාගන්නා අමන රැලක් නටන නාඩගමක්. මොකක්ද මේකෙ ඇති වැරැද්ද? හැම ගමකටම එක බැගින් ඇත්නම් කොච්චර හොදද…!
කරපු වැඩේ වැරැදි වුණත් මර්වින්ට මොකද්ද තියෙන බලය මේවාට මැදිහත් වෙන්න?
නීතියක් තියනවද නිවසක ආකෘතියක් තවත් තැනක ඉදිකිරීම තහනම් කරන. එහෙමනම් හිතල බලන්ඩ කොළඹ මහනගර සභා ගොඩ නැගිල්ල. ඒ්ක හදල තියෙන්නෙ ඇමරිකානු ජනාදිපති නිළ නෙවෙසේ ආකෘතියකටයි.
ඔක්කොටම පිස්සු වගෙයි. තමන්ට පාඩු වෙන්න ඉඩ තියෙන නිසා දෑල බණ්ඩාරට නම් විරුද්ධ වෙන්න හේතුවක් තියෙනවා.
අපරාදෙ සල්ලි? කී දෙනෙක් ඉන්නවද කන්න නැති... මේ සල්ලි ඒ අයට ලබාදෙන්න පුළුවන් නම් කොච්චර පිනක්ද? බුදු හාමුදුරුවෝ කියපු දේවල් ක්‍රියාවෙන් කීදෙනෙක් කරනවද? පිළිබදිනවද? ආගම්වල කියපු දේවල්.. නොකියපු හැම දෙයක්ම ආගමක් වෙලා. හැමදෙයක්ම පිරිහිලා... තෙරුවන් සරණයි.
මෙව අහන්න අපි මෙ රටෙ ඉපදුනානෙ. මර්වින් සිල්ව වගෙ පොරක් ආයෙ අවෙ ලොකු සීන් එකකට අලුතෙන් මාන බලන හැඩයි.
දලදා මාලිගාවෙ ආකෘතියක් කොළඹ නාරාහෙන්පිට ආසන්නයෙ විහරස්තානයකත් මාතර ක්‍රිඩාංගනයෙඩිත් ඉඩිකලා වෘතීය පුහුනුව ලබන ලමයින් සහ ගුරුවරුන් කවුරුවත් එපා කිව්වෙ නෑ මහජන ප්‍දර්ශනයට තිබුන මෙව මහ ලොකුවට දගලන්න ඔනෙ දේවල් නොවෙි.