(පුෂ්පකුමාර ජයරත්න)
මේ දිනවල දැඩි විවේචනයට ලක්ව තිබෙන පොතුහැර වදාකඩ ව්‍යාජ දළදා මාලිගය නැරඹීමට අද (7) පැමිණි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා එම ස්ථානය පවත්වාගෙන යන ජානක සේනාධිපති නමැති අය විසින් කරගෙන යනු ලබන කටයුතු ඇගැයීමකට ලක් කළේය.
එහි පැමිණි මර්වින් සිල්වා එම ස්ථානයේ ඇවිද ගොස් නිරීක්ෂණය කර එම ඇගැයීම කළේය.
බෝසත් යන නාමය පාවිච්චි කිරීම හේතුවෙන් මෙවැනි විවේචන එල්ල වන බව පෙන්වා දුන් සිල්වා මහතා එම නාමය වෙනස් කර මින් ඉදිරියට ශ්‍රීමත් යන නාමය භාවිතා කරන ලෙසට උපදෙස් දුන්නේය.
බෞද්ධ ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අකෘතිය සහිත ගොඩනැගිල්ල වෙනස් කරන ලෙසද මර්වින් සිල්වා මහතා මෙහිදී උපදෙස් දුන්නේය.
එම ස්ථානයට පැමිණෙන ජනතාවට අවශ්‍ය ආහාරපානාදිය ලබා දීම සඳහා අවශ්‍යනම් තමන්ද නොපැකිලව අවශ්‍ය ආධාර උපකාර කීරීමට ඉදිරිපත් වන බවද හිටපු අමාත්‍යවරයා මෙහිදි සේනාධිපති නමැත්තාට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේනාධිපතිලා මර්වින්ලා ඒ කාලෙත් එකතුයි. පාවෙන අවි ගබඩා මතක්කර ගන්නකෝ...
ඒ පාර හරකත් කඹය කඩාගෙන!
නරකද මිනී පෙට්ටි සාපුවකට ගිහිල්ල හොඳ මිනී පෙට්ටියක් තේරුවොත්?
රට භාරගත්තට ස්තූතියි.
ලැජ්ජා නැද්ද මේ වගේ බූරුවෙක් ව පුම්බන්න?
දන් පින් කරන්න භාවිත කළ යුත්තේ හා අනිසංස ලැබෙනුයේ තමන් දහමින් හම්බකරගත්තු මිල මුදල් වලින් බව උතුම් බුද්ධ ධර්මයේ පවසා ඇති බව මා අසා ඇත්තෙමි. වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න.
එම ස්ථානයට මිනිස්සු එන්නෙ මොකටද කියලා කියන්නෙ නැතුව එන අයට කෑම දීමට උදව්වක් කරනවා කියන්නෙ එතැනට යන්න කියනවා වගේ වැඩක් තමයි ශ්‍රිමත් කියන්නෙ ? ශ්‍රීමත් ජනාධිපති කියපු කෙනෙකුට අපහාසයක් සදහාද කියලා සැකයක් ඇතිවෙනවා.
හොටුගැමුණුලාට කරන්න වෙන වැඩ නෑනේ දැන් ඉතිං, කොහේ හරි තියන කුණු ගොඩකින් ගොඩයන්න හදන්නේ... "කැපී පෙනීමේ ආශාව"
අර කොළඹ හතේ සුපිරි ගෙවල්වල තියෙන පන්සල්වල නාවික හමුදාව යොදවා හදපු පත්තිරිප්පු බලන්න යන්න බයද මර්වින් මහත්තයෝ?
මෙයාට කොහෙන් කවුරු ලබාදුන්න බලතලද මේ හතර වටේට වනන්නෙ ?????