IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රබර් අපනයන ආදායම ඉහළට

(කේ බුද්ධික කුමාරසිරි)

2021 වසරට සාපේක්ෂව පසුගිය 2022 වසරේ දී රබර් ආශ්‍රිත අපනයන තුළින් ලද ආදායම සියයට 39  කින් ඉහළ ගොස් ඇති බවත්, රබර් අමුද්‍රව්‍ය ආනයන ප්‍රමාණය සියයට 93  කින් පමණ පහල ගොස් ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

2022 වසරේ මැද භාගය වන විට රබර් මිල සීඝ්‍රයෙන් පහල බැසීම මෙන්ම , දේශීය රබර් ගොවියාට රබර් වෙළඳපලක් නොමැති තත්ත්වයක් උදා වූවා. ඒ අනුව මේ පිලිබඳව සොයා බැලීමේදී අපේ රට රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත සඳහා රබර් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන බැවින් අමුද්‍රව්‍ය ලෙස රබර් අපනයනය සිදු කළද එය ප්‍රමාණය ඉක්මවා සිදු කිරීම නිසා මේ ගැටළුව ඇති වී තිබෙන බව හෙලි වූවා.

ඒ අනුව අදාල පාර්ශව එක්ව සකස් කළ වැඩපිලිවෙල මත 2021 දෙසැම්බර් මාසයේදී , අමුද්‍රව්‍යක් ලෙස කළ ආනයනය කළ රබර් මෙට්‍රික් ටොන් 22000 ක ප්‍රමාණය 2022 දෙසැම්බර් මස වන විට මෙට්‍රික් ටොන් 1548 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

එමෙන්ම 2021 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1050 ක්වූ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයද 2022 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1463 දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා පැවසීය.

 



අදහස් (2)

රබර් අපනයන ආදායම ඉහළට

ප්‍රේමසිරි Sunday, 08 January 2023 12:06 PM

ඇමැතිතුමා රබර් වැවෙන ප්‍රදේශයක සිටින ඔබට රබර් ගැන කියන්න අවශ්‍ය නැහැ ඇත්තටම රබර් ආනයනය නිසා මිල බැස්සා... වගාකරුවන් වගාව අත් හරින තත්වයක් ඇතිවුණා. දැනට ලැබෙන මිල කෙසේවත් ප්‍රමාණවත් නැහැ. ඒ අතර කිරි කැපුම්කරුවන් නැති තත්වයක් තියෙනවා ඒකට ක්‍රමයක් හදන්න මම දන්න ගම්මට්ටමින් සිටින ජනතා නියෝජිතයෙක් ඔහුගේ රැකියාව (ඉදිකිරීම්) නොමැති වූ නිසා දෙකෙන් පංගුවට කිරි කපනවා...

:       0       5

Lalla Sunday, 08 January 2023 09:21 PM

රබර් ඉඩම් කිරිමිල අඩු නිසා අතහැර දමලා. කැපුම් කරුවන් අනාථ වෙලා. තරුණ අය මේ වෘත්තියට එන්නේ නෑ. ඇයි අමුකිරි ආනයනය කරන්නේ? සීට් රබර් අපනයන නවතා කිරි ලෙස අමුද්‍රව්‍ය භාවිතය දියුණු කරන්න. සියල්ලට විසඳුම ආනයනය වෙලා. ජරාව කෑම ආදායම කරගත් පාලකයෝ නිසා වූ අපරාධයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 186 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 962 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site