
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 124 වැනි ජන්ම දින සැමරුම අද (8) ට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කළ සහ නියෝජනය කරන කණ්ඩායම් වෙන වෙනම සමරු උත්සව දෙකක් සංවිධානය කර තිබිණි.
එක් උත්සවයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ බණ්ඩාරනායක මහතාගේ දියණිවරුන් වන හිටපු ජනාධිපතිනි සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ද සහභාගීත්වයෙන් ගාලු මුවදොර පිහිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අසලදී අද උදෑසන 8.30 ට පැවති අතර, අනෙක් උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්‍ෂ මූලස්ථානයේ දී උදෑසන 9.30ට පැවැත්විණි.
බණ්ඩාරනායක පිළිරුව අසල පැවති උත්සවය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව ආණ්ඩු පක්‍ෂයේ ඇමතිධූර දරණ, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ශ්‍රී.ල.නි.ප හිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්.පීරිස්, නව ලංකා නිදහස් පක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරු, බණ්ඩාරනායක මහතාගේ දියණියක වන සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය සහ තවත් දේශපාලනඥයන් පිරිසක් ද සහභාගී වූහ.
නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති උත්සවයට එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු එම පක්‍ෂ සාමාජිකයෝ පිරිසක් එක්වූහ. මෙම උත්සව දෙකම චාම් සහ අභිමානවත් අයුරින් සංවිධානය කර තිබිණි.
(ඡායාරූප ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත SWRD බණ්ඩාරනායක මහත්තයාව සමරන්න ‘‘හාමුදුරුවරුන්ට අටපිරිකර පූජාකිරීම හොඳ දෙයක්... ඒත් අපි දැනගන්න කැමැතියි මොනවා වෙලාද? බණ්ඩාරනායක මහත්තයා නැතිවුණේ කුමක් නිසාද?
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු අන්තිමේදි ඔක්කොම හොරු.. අද මේ රට ලෝකෙන්ම කොන්වෙලා අන්ත දුප්පත් වෙන්න ඡන්ද ගුණ්ඩුව හේතුවුණා. රටේ අය පට්ට සිංහල කරලා එයාගේ ළමයි, ළමයින්ගේ ළමයි ඔක්කොම කේම්බ්‍රිජ් යැව්වා.. රටේ එවුන්ට දූපත් මානසිකත්වයක් හදලා අද හැම අතින්ම රට කොන්වෙලා...
නරකද කට්ටියම එකතුවෙලා සාංඝික දානයක් දුන්නා නම්? ඔය සමරු උත්සව කියන ඒවා ආසියාතිකයින්ට හුරුපුරුදු දේවල් නෙවෙයි.
එකක් අත අනෙක කකුල වෙන්න ඇති. අනේ අපොයි මේ රටට වෙච්ච දෙයක්.
අද ලංකාව මුහුණ දෙන තත්ත්වය ඇතිවීමට මූලික පදනම බණ්ඩාරනායක ප්‍රතිපත්තිය නම් මුලාව. බල තන්හාව නිසා ඇටවූ පංච මහා බලවේගය නම් අපරාධය නිසා ලංකාව ජාති ආගම් පදනම මත බෙදුනා. ඒ වගේම ජනසතු ව්‍යාපාර කියන සංකල්පය නිසා දේශීය ධනවතුන් විනාශ වුනා. අවසාන ඵලය ආයෝජනයට මුදල් විදේශ ගසාකන්නන් වෙතින් ලබාගත යුතු වීම. අද අපිට ජාතික අනන්‍යතාව නෑ.
ඔය මිනිහ තමයි ලංකාව විනාශ කරන්න මුල්ගල තිබ්බෙ.
දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා අද අපේ රටේ තිබෙන ප්‍රශ්න වලට වැඩි පුරම වග කිවයුතු පුද්ගලයෙක්.
ඔහුගේ සංඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු සමග අපේ ජනතාව දෙකඩ කළ අතර එහි දුක්ඛිත ප්‍රතිඵලය දැන් අපි දකිමු.
අර මනුස්සයා මෙතැනත් නිදිකිරා වැටෙනවා...
බණ්ඩාරනායකලා උනත් රාජපක්ෂලා උනත් ,අපි පවුල් වාදයට විරුද්ධයි