(අංජුල මහික වීරරත්න)
චීන රජය මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් හෙට (09) සිට අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට නොමිලයේ බෙදා හැරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමක් පරිදි චීන රජය විසින් ඩීසල් ලීටර් මිලියන 10.06 ක් මෙරට කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව මුහුණ දී සිටින ආර්ථික අපහසුතා සැලකිල්ලට ගනිමින් නොමිලයේ පරිත්‍යාග කරනු ලැබීය.
එයින් කෘෂි කාර්මික කටයුතු සදහා ඩීසල් ලීටර් මිලියන 6.98ක් ලබා දුන් අතර ඉතිරි ප්‍රමාණය ධීවර කටයුතු සඳහා යෙදවීමට තීරණය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් පාලන ඡන්දෙන් යූඑන්පී එක ගොඩ. තෙල් දුන් පියා. එහෙමත් නැතිනම් තෙල්සේන කුමාරයා...
හොඳ වැඩක් ජනාධිපතිතුමනි...!
ඉන්ධන හෙට සිට දෙනවා කියන්නෙ මෙයට පෙර ගොවීන්ට ගෙවීමට ලැබුනා කියන මුදල් බෙදාහැරීම කරලද කියලා අහන්න කැමතියි මොකද තාමත් එම මුදල් නැත්තේ ඒවා සුනාමි ආධාර වගේ වෙලාද කියලා අහන්න වෙනවා අපිට නම් තාමත් එම මුදල් ලබාදීමට කටයුතු කරල නැහැ
ඇයි අපි පිනට කන්නේ...? නොමිලේ දෙන කිසිම දෙයක් නෑ. අධික වන්දි ගෙවන්න සිද්ධ වෙනවා නිසැකයි. ප්‍රෞඩ ජාතියක් ලෝකය ඉදිරියේ හිඟන්නන් කළ රාජපක්ෂ පවුලට ශාප වේවා...!!!