(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සන්නද්ධ කල්ලි දෙකකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් දස දෙනකු තියුණු ආයුධ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරුවන් සමග කඩු දෙකක්, මන්න පිහි හතරක් , කිනිසි දෙකක් ,යකඩ පොලු හයක් හා හොකී පිති තුනක් පොලිස් බාරයට ගෙන බොරැල්ල කිතුල්වත්ත සහ නාරහෙන්පිට මැනිං ටවුන් ප්‍රදේශයේ වල සිදුකළ වැටලීම් වල දී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මීට වසර දෙකකට පමණ ඉහතදී තරුණියක් මුල් කරගෙන එම ප්‍රදේශ දෙකේ දෙපිරිසක් අතර ගැටුම් පැවති අතර මෑතක දී මත්ද්‍රව්‍ය ජාවාරම මුල්කරගෙන ගැටුම් සිදුවී ඇතැයි පොලිසිය සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී තිබූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට පත් වූවන් අතර මනුෂ්‍ය ඝාතනයක සැකකරුවකු වන බව පොලිසිය කියයි.