(ටී.කේ.ජී.කපිල)

ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිතව පවත්වා ගෙන යනු ලබන " සුරක්ෂා " (Safe House ) නිවසෙහි රදවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 07 දෙනකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ ළඟ විය.

ඕමානයේ " සුරක්ෂා " නිවසෙහි රදවා තබා සිටින ගෘහ සේවිකාවන් 118 දෙනා අතරින් 11 දෙනකු ශ්‍රී ලංකාවට එවීම සදහා මස්කට් නුවර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් භාර දී ඇති අතර එහිදී ගෘහ සේවිකාවන් 04 දෙනකුගේ ලියකියවිලි පිළිබඳව ඇති වූ ගැටළු සහ අඩුපාඩු මත අවසාන මොහොතේ ඔවුන් ගුවන් යානය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි .