
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සඳහා සහභාගී වීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම අද (08) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් (Ms. Auramon Supthaweethum, Director General of the Department of Trade Negotiations) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම නියෝජිතයන් 26 දෙනකුගෙන් සමන්විතය.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා හෙට (09) සහ අනිද්දා (10) කොළඹදී පැවැත්වෙන අතර භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන, ප්‍රභවස්ථාන රීති, රේගු සහයෝගීතාව හා වෙළඳාම් පහසුකරණය සහ ආර්ථික සහයෝගීතාව යන ක්ෂේත්‍ර පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත. 2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට සිදු කළ අපනයන ඩොලර් මිලියන 59 ක් වන අතර තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට සිදු කළ ආනයන ඩොලර් මිලියන 355කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තායි සම්බාහන මධ්‍යස්ථාන රටපුරා පිහිටවමු. ගෙදරට බොරු කියලා තායි පනින මහත්තුරුන්ගේ සල්ලි ඉතුරු කරගන්න පුළුවන්.
ලංකාවට මේ වෙලාවේ අවශ්‍ය සම්බාහන මධ්‍යස්ථානයි... හැම නගරයකටම එකක්වත් අවශ්‍යයි... තායිලන්ත තරුණයින්ට, ලංකාවේ තරුණයින්ට පුහුණුව දිය හැකියි.