(ඩයනා උදයංගනී)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ආණ්ඩු පක්‍ෂයට එක්වූ කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපතිනියගේ නිල නිවසේ දී අද (8) උදෑසන පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිට ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය ඇමතිවරුන් වන ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ඇතුළු කණ්ඩායම මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ, හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 124 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් බණ්ඩාරනායක ගුණසමරු පදනම මගින් ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසලදී අද (8) උදෑසන පැවැත්වූ උත්සවයට එක්වීමෙන් අනතුරුව පිරිස මෙම සාකච්ඡාව පවත්වා ඇත.
වර්තමාන දේශපාලන තත්වය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් රට විනාශ කරන්න ලොකු දායකත්වයක් දුන්න. දැන් ඔය වට වෙලා ඉන්න වැඩකට නැති අපතයොත් එහෙමම තමයි.