IMG-LOGO

අත අතහැරපු අය හිටපු ජනපතිනිය හමුවේ

(ඩයනා උදයංගනී)

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ආණ්ඩු පක්‍ෂයට එක්වූ කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපතිනියගේ නිල නිවසේ දී අද (8) උදෑසන පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිට ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය ඇමතිවරුන් වන ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ඇතුළු කණ්ඩායම මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ, හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 124 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් බණ්ඩාරනායක ගුණසමරු පදනම මගින් ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසලදී අද (8) උදෑසන පැවැත්වූ උත්සවයට එක්වීමෙන් අනතුරුව පිරිස මෙම සාකච්ඡාව පවත්වා ඇත.

වර්තමාන දේශපාලන තත්වය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු බව වාර්තා වේ.

 



අදහස් (1)

අත අතහැරපු අය හිටපු ජනපතිනිය හමුවේ

Perera Monday, 09 January 2023 07:58 AM

මෙයත් රට විනාශ කරන්න ලොකු දායකත්වයක් දුන්න. දැන් ඔය වට වෙලා ඉන්න වැඩකට නැති අපතයොත් එහෙමම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site