(තුසිත කුමාර ද සිල්වා)
බෙන්තොට කහගල්ල වඩුමුල්ලේ දේවාලයක කපුවකු දේවාරූඪයෙන් ශරීරය අභ්‍යන්තරයේ ලෙඩ සුවකරන මුවාවෙන් බාල වයස්කාර දැරියකගේ ශරීරය පුරාඉඳිකටුවලින් රුධිරය පිටතට එන තෙක් දුරුකර ලිංගික හිංසනයක් සිදුකර ඇතැයි ,බෙන්තොට පොලිසිය කියයි.
මෙම සිද්ධියට මුහුණ පා ඇති දැරිය සිය මව හා නැන්දණිය සමග බෙන්තොට වඩුමුල්ල දේවාලයට පැමිණ ඇති අතර දැරිය ගේ පියා සහ මෙම යකදුරා කලක පටන් දැන හඳුනන අය බවත් ඒ විශ්වාසය මත දැරියගේ ශරීර අභ්‍යන්තරයේ ඇති රෝගයක් සුව කර දීමට දෙපාර්ශවය එකඟතාව මත සැකකාර කපුවා අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද ලබාගෙන මොවුන් බෙන්තොට දේවාලයට ගෙන්වා ඇත.
එහිදී එම දැරියගේ ශරීර අභ්‍යන්තරයේ භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි කිසියම් රෝගයක් තිබෙන බැවින් එය දේව මන්ඩලයේ නියමය පරිදි සුව කර දිය හැකි බව පවසා ඇත.
මෙලෙස එම දැරියට හිංසා කර ඇති බවත් පසුව මෙම දැරිය සමග ඇගේ පියා අලුත්ගම පොලීසියට පැමිණිලි කළේය.
සිද්ධිය වී ඇත්තේ බෙන්තොට පොලිස් වසමේ බැවින් පසුව අලූත්ගම පොලිසිය බෙන්තොට පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව බෙන්තොට පොලීසියට ලද පැමිණිල්ල ඔස්සේ දීර්ඝ ලෙස මෙම දේවාලය පිළිබඳ විමර්ශන සිදුකර කපුවා පොලිස් බාරයට ගෙන තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
බෙන්තොට කපුවකු දැරියකට දස වද දීලා
Toni Tuesday, 10 January 2023 05:54 AM
කපුවගේ නෙවෙයි වැරැද්ද... අම්මලා, තාත්තලාගේ... මේ වගේ අමන වැඩ කරනවට..
Perera Tuesday, 10 January 2023 07:36 AM
ලංකාවේ බහුතරයක් මේ වගේ මෝඩ මිත්‍යා විශ්වාස පස්සේ යන ගොන් හරක්.දේශපාලුවෝ දන්නවා උන්ව පහසුවෙන් රවට්ටන්න පුළුවන් කියලා .රට විනාශ වෙලා තියන ප්‍රධානම හේතුව රටේ බහුතරය මෝඩ මුග්ධයන් නිසා
fairoos Tuesday, 10 January 2023 12:11 PM
තාමත් මෙහෙම මිනිස්සු ඉන්නවනෙ මේවගේ හොර කට්ටඩි ලගට යන අය