IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බ්‍රසීල ප්‍රජාතන්ත්‍රවාදයට වන සතුරු ක්‍රියා හෙලා දකිමි

(අංජුල මහික වීරරත්න)

බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූ සතුරු ක්‍රියා හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බ්‍රසීලයේ මෑතදී ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන දැඩි කනස්සල්ලට පත්ව සිටින බව පවසන ජනාධිපතිවරයා  ව්‍යවස්ථා විරෝධී ක්‍රම මගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරලා දැමීමේ මෙවැනිම උත්සාහයක්  ශ්‍රී ලංකාවද කලකට පෙර අත්දුටු බව සඳහන් කළේය. 

 බ්‍රසීල ප්‍රජාතන්ත්‍රවාදයට කරන එවැනි සතුරුකම් හෙලා දකින අතර බ්‍රසීල අර්බුදය හමුවේ ලංකාව බ්‍රසීලයේ ජනාධිපතිවරයා, රජය සහ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බව පවසයි.

බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි ආයතන මෙන්ම  සියලු පුරවැසියන් ලෝකයේම ගෞරවයට පාත්‍ර වීම අත්‍යවශ්‍ය වන බවද ජනාධිපතිවරයා නිවෙිදනයක් නිකුත් කරමින් කියයි.



අදහස් (6)

බ්‍රසීල ප්‍රජාතන්ත්‍රවාදයට වන සතුරු ක්‍රියා හෙලා දකිමි

sharm warn Monday, 09 January 2023 05:03 PM

අනේ මහලොකු ප්‍රජාතන්ත්‍රවාදියා. තමන් නිවැරැදි තැන ඉන්න ඕන අනුන්ගේ වැරැදි හොයන්න කළින්.. පම්පෝරි මාස්ටර් අපරාදෙ කියන්න බෑ.

:       10       30

විජිත් Monday, 09 January 2023 05:26 PM

පිස්සු කෙලින්නේ නැතිව ඉන්න හලෝ..!!! කසාගන්න නියපොත්තක්වත් තියෙනවාද...? ආයෙත් මොන ක්‍රමයකින් හෝ බෝල්සරානෝ බලය ගත්තොත් ...ටික දවසකට පස්සේ මිනිහා ලූලා එක්ක යාලුවේවි... මේ පැත්තක ඉන්න ඔයා ඕවාට කට දාලා අන්තිමට "ශ්‍රී ලංකාව" නරක මිනිහා වේවි. ෆෝක්ලන්ඩ් යුද්ධයේදී (1982 දී) ගහ මරාගත්ත සතුරෝ අන්තිමේදී යාලුවුණා .. නිකම් ඕනෑ නැති දෙයකට කට දාන්න ගිහින් අපි අනාගත්තා. ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමේදී අපි එක සැරයක් නොව දහවරක්වත් සිතා බැලිය යුතු අවධියකයි මේ අපි ජීවත් වන්නේ...

:       6       18

Sunil Monday, 09 January 2023 05:36 PM

ඊට වඩා දරුණුයි ඔබ නිසා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වෙන හතුරුකම්.

:       6       27

Kumara Monday, 09 January 2023 07:09 PM

පල පල කලිසමා

:       0       11

ලුම්බිණි Tuesday, 10 January 2023 05:19 AM

කට වහගෙන ඉන්නවද?

:       0       0

Demuni Uduwara Tuesday, 10 January 2023 05:54 AM

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site