(ඩයනා උදයංගනී)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නැතිනම් ඒ සඳහා මුදල් ඉතිරිකරගැනීමේ පළමු පියවර ලෙස රාජ්‍ය ඇමතිවරු 39 දෙනා අහෝසි කරන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
රාජ්‍ය ඇමතිවරුන් 39ට දෙනා වෙනුවෙන් වාහන 340කට වැඩි ප්‍රමාණයක් මෙන්ම ඉන්ධන, වැටුප්, කාර්ය මණ්ඩල, විදේශ ගමන්, වරප්‍රසාද ආදිය සඳහා කෝටි ගණනක අති විශාල ධනස්කන්ධයක් වැය කරන බවත්, එම මුදල ඉතිරිකර ගත හැකි බවත් ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා වසරක් රට පාලනය කළේ එක් රාජ්‍ය ඇමතිවරයකු හෝ නොමැතිව බවත්, වත්මන් රජය මැතිවරණයට පමණක් මුදල් නැති අතර රාජ්‍ය ඇමතිවරු නඩත්තුවට මුදල් තිබෙන බව ද කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි නිදහස ජනතා සභා කාර්යාලයේ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට රජය නොගහන තුරුම්පුවක් නැතත් ඒ කිසිඳු තුරුම්පුවක් සාර්ථක වන්නේ නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
මෙම මැතිවරණය වෙනුවෙන් 2022 අයවැය මගින් මුදල් වෙන්කර ඇති බව ද මන්ත්‍රීවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දෙට මුදල් සොයන හැටි ජී.එල් කියයි
sharm warn Monday, 09 January 2023 05:01 PM
හා හා... ජී.එල්. මල්ලි මාලිමාවෙන් යමෙක් ඉගෙනගෙන වගේ...
ගාමිණී Monday, 09 January 2023 05:26 PM
ගෝඨාභය පාලනය කළහැටි ඔය ඉක්මණින් අමතක වුණාද? ලොක්කෝ ජනතාව අරගල කලේ තමුන්නැහැ කියන පුද්ගලයා එළවන්න තමයි ඔහේලගේ ආණ්ඩු 2005 සිටම සුනාමි ආධාර ඇතුළුව කොතරම් ගසාගෙන කෑවාද දැන් තමුන්නැහැ ආණ්ඩුවට බැන්නාට ඕක පත්කිරීමට දරදිය ඇද්දේ තමුන් මිස අපි නොවෙයි විකාර' නොකියා ඉදිරියේ යන්න තියෙන ගමනට ගමන් වියදම් සොයාගන්න උත්සාහ කරන්න...
ajith Monday, 09 January 2023 06:05 PM
ඔබතුමා කවදද විශ්‍රාම යන්නේ ?