(යොහාන් භාසුර සහ සුජිත් හේවාජූලිගේ)
ශ්‍රී ලංකාවට බිත්තර සැපයීම සඳහා සැපයුම්කරුවන් 20 ක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බවත් එම සැපයුම්කරුවන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ඉන්දීය සැපයුම්කරුවන් බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
වෙළෙඳ අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව එම සැපයුම්කරුවන් ඉදිරිපත් කළ ටෙන්ඩර් විශ්ලේෂණය කිරීමට නියමිත බව කී එම නිලධාරියා පවතින තත්වය මත ශ්‍රී ලංකාවේ බිත්තර අවශ්‍යතාව, ආනයන කරන බිත්තර සංඛ්‍යාව, ඉන්දීය රුපියල්වලට ආනයනය සිදුවන්නේද යන්න ඇතුළු සියලුම කරුණු පිළිබඳව තීරණය අදාල තාක්ෂණික කමිටුව ගන්නා බව ද සඳහන් කළේය.
රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සහ වෙළෙඳ අමාත්‍යංශයේ නිලධාරීන් අතර බිත්තර ආනයන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (9) පෙරවරුවේ පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ප්‍රමිතියක් ඉවක් බවක් නැතුව බිත්තර ඉන්දියාවෙන් ගෙනල්ලා ලංකාවේ කුකුළු ව්‍යාපාරය විනාශ වෙන ලෙඩ රෝග ආවම මොකද කරන්නේ?ඔස්ට්‍රේලියාව ,නවසීලන්තය වගේ රටවල් තම්බපු බිත්තරයක්වත් රට ඇතුලට ගන්න දෙන්නේ නැහැ ඔය අවධානම නිසා
ඔය තිබෙන්නේ බඩු. තව මොනවද ප්‍රශ්න? බිත්තර දහය පහලව උනත් ගෙන්වා ගන්න ඉඩ හරින්න.
ඉන්දියාව තමන්ට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරගන්නා අතර කොස් ඇටය පවා අපනයනය කරනවා. අපේ රටේ හැම තැනම වෘත්තිය සමිති හදාගෙන තර්ක කර කර ඉන්නවා දැන් ඉතිං බිත්තරෙත් පිට රටින්. මේකෙන කොමිස් ගැහිල්ලට හුරුවුණු ගමන් ලංකාවෙ බිත්තර නිෂ්පාදනය හාන්සි.
සිංහලය රාජ්‍ය බාසාව කළා, සඟ, වෙද, ගුරු, ගොවි,කම්කරු, පංච මහා බල වේගයට මුල්තැන දුන්න, ලාබ ලබන පුද්ගලික ආයතන ජනසතු කළා, රට ජන රජයක් කළා, ආසියාවේ ආස්චරියත් කළා, ළඟදී බිත්තරයක් හෙම කෑවද? දැන් සැපයිද?
මොනවගේ භයානක බෙහෙත් ජාතිද සත්තුන්ට දෙන්නේ... කියන එක තමයි ප්‍රහේලිකාව...?
නියමයි.
සේපාල අමරසිංහල වැනි අසින්හලයෝ ඔක්කොම අල්ලලා හිරේ දානකම් අපේ කිකිලියෝ බිත්තර දාන්නෙ නැහැ. ඒකයි අකමැත්තෙන් හරි ඉන්දියාවෙන් ගෙන්නන්න වෙන්ලා තියෙන්නේ.
පහු ගිය දවස් වල තෙල් ගෙන්නන්න ඩොලර් නෑ කියලා කිවුවා, දැං ඩොලර් හම්බවෙනවා ඇති .නමුත් දැං ඩොලර් දීලා බිත්තර ගෙන්නනවනං ඊට වඩා හොද නැද්ද බිත්තර ගොවින්ට ඕන කරන දේවල් ඩොලර් වලට ගෙනල්ලා දෙන්න.
උන්ගෙ රත්තරන් බිත්තර උන්ම කාගත්තාවදෙන් අපි රටබිත්තර කන්නම්
දොලුකන්දෙ හමුදුරුවො ජනප්‍රිය කලේ බිත්තර පරවල් වල විසි කරල ගිය කාටද මන්ද මතක තියෙන්නෙ බිත්තර මාෆියාව පරාජය කලයිතුයි.
අවංක, නිවැරදි, දුර දර්ශි තීන්දු තීරණ ගැනීමට බුද්ධියක් ඇති, කළමනාකරණ හැකියාවක් ඇති පාලකයින් අපගේ චන්දයෙන් පත් කිරීමට අපට නොහැකි වීමෙන් රට මේ තත්ත්වයට පත් වී ඇත. දැන්වත් එවැනි පාලකයින් කොටසක් තෝරා බේරා පත් කරගැනීමේ ඥානය සහ චේතනාව සහිතව ක්‍රියාත්මක කිරීමේ සැබෑ උනන්දුව ජනතාවට ඇතිවේවා. එවැනි ජනතා පාලකයින් කොටසකට සැමගේ සහයෝගය ලබාදී රට වැටි ඇති තත්ත්වයෙන් මුදවා ගැනීමට අපට හැකි වේවා.
හරිම අපූරුයි. බිත්තර එක්ක කුරුළු උණ සහ තව ඕන උණක් ඇවිල්ලා බෙහෙතුත් නැති ලංකාව සුවපත් කරයි.. මේ අතීසාරයට අමුඩ ගහන පාණ්ඩුවට බලය දෙන්නද තාමත් ඔබ හිතාගෙන ඉන්නේ? ප්රශ්නය තියෙන්නේ කුකුල් කෑමවල නම් ඇයි ඒවා මෙහෙ හදන්නේ නැත්තේ..?