(පුෂ්පකුමාර මල්ලවආරච්චි, ආනන්ද ඉ ජයකොඩි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රුපියල් කෝටි 100ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ  මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යයක් සන්තකයේ තබාගත් පුද්ගලයන් දෙදෙ‍ෙකු වේයන්ගොඩ යටගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

වේයන්ගොඩ  සෙන්ට්‍රල් පාර්ක්, යටගම යන ස්ථානයේ දී මෙම වැටලීම කර ඇත. එහි දී රුපියල් කෝටි 100ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මෙම චෛත්‍යය නිධානයකින් ගත්තේ යැයි සැක සහිත පුරාවිද්‍යා වටිනාකමින් යුත් මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යක් සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

සැකකරුවන් වයස අවුරුදු 22ක් සහ 34 ක් වන පුද්ගලයන් බව විශේෂ කාර්ය බළකාය කියයි. මෙම පුරා වස්තුව ලබාගත් ස්ථානය මෙන්ම සැකකරුවන්ට එය ලැබුනු ආකාරය හෙලි කර ගැනීමට පරීක්ෂණ පැවැත්වේ