
(පුෂ්පකුමාර මල්ලවආරච්චි, ආනන්ද ඉ ජයකොඩි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රුපියල් කෝටි 100ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යයක් සන්තකයේ තබාගත් පුද්ගලයන් දෙදෙෙකු වේයන්ගොඩ යටගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
වේයන්ගොඩ සෙන්ට්‍රල් පාර්ක්, යටගම යන ස්ථානයේ දී මෙම වැටලීම කර ඇත. එහි දී රුපියල් කෝටි 100ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මෙම චෛත්‍යය නිධානයකින් ගත්තේ යැයි සැක සහිත පුරාවිද්‍යා වටිනාකමින් යුත් මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යක් සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
සැකකරුවන් වයස අවුරුදු 22ක් සහ 34 ක් වන පුද්ගලයන් බව විශේෂ කාර්ය බළකාය කියයි. මෙම පුරා වස්තුව ලබාගත් ස්ථානය මෙන්ම සැකකරුවන්ට එය ලැබුනු ආකාරය හෙලි කර ගැනීමට පරීක්ෂණ පැවැත්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහට හොරෙන් කොච්චර නිධන් කැනීම් වෙනවද? නිධාන ගැන කොහොමත් පුරාවිද්‍යාවට වඩා අදාල පැතිවල මැති ඇමතිලා, ව්‍යාපරිකයෝ දන්නව. පුරාවිද්‍යා දෙපර්තමේන්තුවෙන්, සාමාන්‍ය කැනීම් වලින් පිට, නිධාන විදිහටම හොයාගත්තු එකම අවස්ථාවක් වත් මටනම් මතක නැහැ. අඩුම ගානේ ගම් වල තියෙන ප්‍රවාද ගැන වත් ටිකක් හොයලා කැනීම් කරානම් රටේ ඉතිහාසය ගැන අපිට, ලෝකයට අලුතෙන් දෙයක් එකතු කරන්න පුලුවන් වෙයි. මූල්‍යමය වටිනාකමට වඩා මේ අහිමිවෙන දේවල් වලින් අපිට නැතිවෙන්නේ අපේ ඉතිහාසය. මොකද, මේ පුරවාස්තු, අපේ දැනට බහුතරයක් විහාරස්ථාන හා ආශ්‍රමික සම්බන්ධ පුරාවස්තු වලට වඩා ගොඩක් වෙලාවට, ලන්කාවේ අතීත තාක්ශණය, විදේශ සම්බන්දතා සහ සමාජය ගැන ලොකු අදහසක් ගන්න පුලුවන් මූලාශ්‍ර.