(ෂේන් සෙනෙවිරත්න)

මෙරට ප්‍රධාන පූජනීය ස්ථානයකට අනුයුක්තව සේවය කරනු ලබන යුද හමුදා සොල්දාදුවකු හෙරොයින් මත්කුඩු පැකට්ටුවක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මුලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය කියයි.

සැකකාර යුද හමුදා සොල්දාදුවා මහනුවර යුද හමුදා කදවුරක රාජකාරියේ නිරත සොල්දාදුවකු වන අතර ගුඩ් ශෙඩ් බස් නැවතුම අසල දී ඔහු එසේ  මත්කුඩු පැකට්ටුවත් සමඟ අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරු වසර 20 කට අධික කාලයක් සක්‍රිය හමුදා සේවයේ නිරත පුද්ගලයකු වන අතර  මත්කුඩු පානය සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා යුද හමුදා රාජකාරි ගිනි අවිය භාවිතා කොට මංකොල්ල කෑම්වල යෙදුනේ දැයි සොයා පුළුල් විමර්ශන ආරම්භ කොට තිබේ.

මහනුවර මූලස්ථාන පොලිසිය බාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.