
අප්‍රිකාවට අයත් නයිජීරියාවේ දකුණු දෙසින් පිහිටි එඩෝ පළාතේ දුම්රිය ස්ථානයකට කඩා වැදුණු සන්නද්ධ පිරිසක්, දුම්රිය පොළේ සිටි පුද්ගලයන් තිස් දෙදෙනකු පැහැරගෙන ගිය බව වාර්තා වේ.
පැහැර ගැනීම කර ඇත්තේ සන්නද්ධ ගෝත්‍රික වැසියන් පිරිසක් යැයි එඩෝ පළාතේ ආණ්ඩුකාරවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එම ගෝත්‍රික වැසියන් දුම්රිය පොළට කඩා වැදී කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් කීප දෙනකු තුවාල ලැබූ බව ද පැවැසෙයි.
නයිජීරියානු දුම්රිය දෙපාර්තමේන්තුව මේ වනවිට එඩෝ පළාතේ එම දුම්රිය ස්ථානය වසා දමා ඇති බවත්, දුම්රිය නොනවත්වා එඩෝ පළාත හරහා ධාවනය කිරීමට කටයුතු කරන බවත් පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd