
(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)
විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 14 සමග පුද්ගලයන් දෙදෙනකු ද ඔවුන්ගේ තොරතුරු මත තවත් අයකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
එම කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් උඩුගම්පොළ ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා සැකකටයුතු රථවාහන සහ පුද්ගලයන් පරීක්ෂාවට ලක් කරමින් සිටි අවස්ථාවේ යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයන් දෙදෙනකු සතුව තිබී විදේශයක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ඊට යොදන ජීව උණ්ඩ දාහතරක් සහිත පතොරොම් ගැබක් ද සමඟ මෙලෙස අත්අඩංගුවට ගත් බව එම කාර්යාංශය පවසයි.
මෙම සැකකරුවන් කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 36 සහ 31 යන වයසේ පසු වන්නන් බව පවසන පොලිසිය මොවුන්ට අනුබල ලබා දීම මත කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකුද අත්අඩංගුවට ගනු ලැබූ බවත් පැවසීය.
මොවුන් මෙම පිස්තෝලය භාවිතා කරමින් කිසියම් අපරාධයක් කිරීමට සැලසුම් කළේ ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම පිණිස රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd