(ඩයනා උදයංගනී)

හම්බන්තොට ප්‍රදේශයේ ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

අපනයනය අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය සඳහා අයෝජනය කිරීමට විදේශ ආයෝජකයින් උන්නදුවක් දක්වන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය.

ඒ අනුව සුදුසු ආයෝජකයේකු තොරා ගැනීම සඳහා අභිලාෂ කැඳවීමට නිවේදන නිකුත් කිරීමට සහ මූලික සුදුසුකම් සපුරන ආයෝජකයන්ගෙන් විස්තරාත්මක යෝජනා ලබාගැනීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.