(නිමන්ති රණසිංහ)

බෞද්ධ ජනතාවගේ සිත් රිදවමින් ශ්‍රී දළදා වහන්සේට අපහාස කළැයි කියන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ මහතා ලබන 17 වැනිදා දක්වා තවදුරටත්රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්  මහතා  අද (10) නියෝග කළේය.

මෙම සැකකරු ශ්‍රී දළදා වහන්සේට සිදු කරන ලද අපහාසය හේතුවෙන් අන්තර්ජාලය තුළ පුද්ගල ගැටීමකට මග පෑදී ඇති එය යම් ආකාරයකින් සිවිල් ජනතාව අතරට ද පැමිණිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ට  නීතිපතිවරයා  නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.