IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


බ්‍රසීලයේ හිටපු ජනපති බොල්සොනාරෝ රෝහලේ

ඇමෙරිකා ගිය බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හිටපු ජනාධිපතිවරයා මෙසේ රෝහල්ගත කෙරුණේ ඔහුගේ උදරාබාධ තත්ත්වය උත්සන්න වීමෙන් යැයි වෛද්‍යවරු පවසති.

මේ වනවිට බ්‍රසීලයේ ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙයි. ඒ, නව ජනාධිපති ලෙස දිවුරුම් දුන් වාමාංශික ලූලා ද සිල්වාට එරෙහිවය. විරෝධතා සඳහා සහභාගී වී සිටින්නේ අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන්ය.

පසුගිය 8 වැනිදා ආධාරකරුවන් බ්‍රසීල පාර්ලිමේන්තුවට, ජනාධිපති මන්දිරයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදී පහර දී එම ගොඩනැගිලි අත්පත් කර ගත්හ. විරෝධතාකරුවන් උසි ගන්වන්නේ බොල්සොනාරෝ යැයි නව ජනාධිපති ලූලා ද සිල්වා චෝදනා කර ඇති අතර, බොල්සොනාරෝ එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

බොල්සොනාරෝ සිය ආධාරකරුවන්ගෙන් දිගින් දිගටම ඉල්ලා ඇත්තේ සාමකාමීව හැසිරෙන ලෙසටය. බ්‍රසීල ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය ඔක්තෝබරයේය. ලූලා ද සිල්වා එය ජයගත්තේ ඉතා තියුණු සටනකින් පසුවය. බොල්සොනාරෝ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන අතර බ්‍රසීලයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වූයේ ඒ අනුවය.

බොල්සොනාරෝ, බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත් වූයේ 2018 ජනාධිපතිවරණයෙනි. එම ජනාධිපතිවරයට ඔන්න මෙන්න කියා තිබියදී අවසන් ජන රැලියට සහභාගී වී ජනතාව අතරට ගිය බොල්සොනාරෝගේ උදරයට පිහි ප්‍රහාරයක් එල්ල විය. පිහි ප්‍රහාරයෙන් බඩවැල්වලට දරුණු ලෙස හානි සිදුවිය. වෛද්‍යවරුන් එම අවස්ථාවේදී බඩවැල්වලින් කොටසක් සැත්කමකින් ඉවත් කළේය.

ජනාධිපති ධුරය හොබවද්දී ද උදරාබාධ හේතුවෙන් සැත්කම් කීපයකට ලක් කෙරුණි. මේ වනවිට බොල්සොනාරෝ ඇමෙරිකාවේ රෝහල්ගත කෙරුණේ ද උදරාබාධ තත්ත්වයක් හේතුවෙනි.  බාල්සොනාරෝ ඇමෙරිකා ගියේ ලූලා ද සිල්වා පසුගිය පළමු වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙද්දීය.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

බ්‍රසීලයේ හිටපු ජනපති බොල්සොනාරෝ රෝහලේ

fairoos Tuesday, 10 January 2023 12:48 PM

රඅට බංකොලොත් කරපු අයටනම් කොහේ ගියත් දඩුවම් ලෙබෙවි.. ලංකාවෙ නන්දසේනටත් දැන් යන එනමං නැතුවයි ඉන්නෙ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 827 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site