(එච්.චන්දන,පද්මා කුමාර කංකානම්ගේ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ඉන්දියාවෙන් රැගෙන විත් කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කල්පිටිය සිංහකුඩිරිප්පුව ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගත් බව කියයි.

රුපියල් කෝටි තුනකට ආසන්න වීථි වටිනාකමක් ඇති මෙම අයිස් තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහන කළ දෙදෙනකුද පොලිස් බාරයට ගෙන ඇත. අ

කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශ නිළධාරින්ගේ බුද්ධි තොරතුරකට අනුව කල්පිටිය පොලිසියෙ නිළධාරිහු පිරිසක් මෙම වැටලීම කළහ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයෙ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරත ප්‍රධාන පෙලේ සැකකරුවකු හා කල්පිටිය තොරඅඩිය ප්‍රදේශයෙ පදිංචිකරුවකු බව කියයි.

හිරාන් ප්‍රියංකර ජයසිංහ