
(අංජුල මහික වීරරත්න)
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා මෙරට සාගර පරිසරයට වූ හානියට වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද (10) පිළිගන්වනු ලැබීය.
එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ අදාළ වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද පිළිගැන්වීමට කටයුතු කරන බවයි.
මෙම විශේෂඥ කමිටුව නියෝජිතයන් 40 දෙනකුගෙන් සමන්විත වේ. එහි සම සභාපතිවරුන් ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය අජිත් ද සිල්වා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන යන මහත්ම මහත්මීන් කටයුතු කර තිබේ.
මෙම කමිටුව වසර එකහමාරක කාලයක් නෞකා අනතුර සම්බන්ධයෙන් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ සිදුකර මෙම වාර්තාව සකස් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් ටිකක් කන්න ලැබෙනවා කියලා දැනගත්තම කප්පම් කාරයකුට තියන සතුට දැක්කම ආසාවේ බැහැ අනේ
මේ රටේ ඉතිහාසයේ කොච්චර වාර්තා අවසන් කලත්, අගතියට පත් වූ පාර්ශවයන්ට වන්දි ලබන්නත් නැහැ, වැරදිකරුවන්ට දඬුවම් ලබන්නත් නැහැ, ඔවුන්ගෙන් පාඩුව අය කරන්නත් නැහැ. මෙවැනි කමිටුවලට අනවශ්‍ය මහජන මුදල් නාස්ති කරන්න එක පමණයි වෙන්නේ. චන්ද්‍රිකාගෙන් පටන්ගත්තු සූරියකන්ද, බටලන්ද කොමිසමේ ඉඳල අද දක්වා වාර්තාවල් යටපත් වෙනවා මිස යුක්තිය ඉටු වෙන්න නම් නැහැ.
කන්දක් විලිලා මී පැටියෙක් වැදූ කතාව වගේද? මේ කිසිවෙකුට මෙවැනි විනාශ ගැන දැනුම නෑ කියල නැව 80% රත්වෙලා තිබුන කියල ඇමති ඒ කාලේ කියපු කතාව සාක්ෂියක්.
මල් වට්ටියට වගේ අතගහගෙන ඉන්න හැටි. මුන්ට ලැජජ නෑ.
හොර සෙට් එක. ඔය ලබ්බ වහලා දැම්මා නම් හරි