(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි සබ්රිමලේ කෝවිල වන්දනා කිරීමට යන නඩයක සිටි අයකු සතුව පාර්සලයක් තුළ තිබී ටී 56 ස්වයංක්‍රීය ගිනිඅවිවලට යොදන උණ්ඩයක් තිබී ගුවන්තොටුපල ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් සොයා ගැනීමෙන් පසු එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය වෙත බාරදුන් බව ගුවන් තොටුපළේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය මෙම සැකකරු හැටන් ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකි.
මොහු ඇතුළු තිස් දෙනකුගෙන් සමන්විත වන්දනා නඩයක් කේරළ ප්‍රාන්තයේ පිහිටි මෙම දේවාලය වන්දනා කිරීමට යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
මේ අය අතරින් විසිදෙනකු සතුව කිලෝ 30 බැගින් අබිලි යකඩ අඩංගු පාර්සල් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
වත්තල ප්‍රදේශයේ පිහිටි අබිලි යකඩ අලෙවිකරණ ස්ථානයකින් මේවා ඉන්දියාවට රැගෙන ගොස් විකිණීමට මිලදී ගත් බව එම පිරිස පොලිසියට පවසා ඇතැයි කියති. ටී 56 උණ්ඩය තිබී ඇත්තේ මෙසේ එක් අබිලි යකඩ ද්‍රව්‍ය පාර්සලයක් ළඟ තබාගෙන සිටි අයකු සතුව තිබූ එම පාර්සලයේ යැයි පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙ යන වන්නා නඩ වලින් නඩෙ ගුරාලා කරන අලුත්ම බිස්නස් එකක් . . මෙච්චර කල් කලේ ගම්මිරිස් කිලෝ දෙක දෙදෙගෙනියන එක. . කොච්චර සිම්පල් ප්ලෑන් එක්ක්ඉක්තින්..