
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් මහතා අද (10) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් සහ සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක යන මහත්වරුන් විසින් මහ ලේකම්වරයා ඇතුළු පිරිස පිළිගනු ලැබීමට නියමිතය.
ඒ මහතා සමග පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ උපාය මාර්ගික සහ කාර්යය ප්‍රධානී එමිලී ඩේවීස් මෙනවියද පැමිණෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd