(අංජුල මහික වීරරත්න)
දිස්ත්‍රික්ක කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන කහ පුල්ලි රෝගය, කීඩෑ උවදුර හා වටපණු රෝගය ආදී රෝග පාලනයට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
දිස්ත්‍රික්ක හතරක පමණ වී වගාව ආශ්‍රිතව මෙම රෝග දක්නට ලැබෙන බැවින් රෝග ව්‍යාප්තිය පාලනය සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සදහන් කළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිලධාරි කණ්ඩායම් ඒ දිස්ත්‍රික්කවලට පිටත් කර යවා ඇති තිබේ. ඔවුන් විසින් රෝග පාලනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධවත්, නිර්දේශ කරනු ලබන කෘමිනාශක පිළිබඳවත් ගොවි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි ද ලේකම් වරයා සදහන් කළේය.
මෙම රෝග තත්ත්ව පාලනය සඳහා සියලු පාර්ශ්ව කැදවා වහාම සාකච්ඡාවක් මෙම සතියේ පැවැත්වීමට ද අමාත්‍යවරයා යෝජනා කළේය. එමෙන්ම මෙම කටයුතු සදහා අවශ්‍ය සියලු මුල්‍ය ප්‍රතිපාදන රජය මගින් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමා විදෙස් ආධාරයක් ලෙස ගොවීන්ට ගෙවනවා කියපු මුදල් තවමත් නැහැ ජනතාව කියන ගොවි නියාමකලා ඔහේලා කියන ලෙසට කෘපනිසලා ලංකාවෙ ඉන්නවද කියලා දැනගැනීමට නැහැ ඉන්නවා නම් තමුන්ගෙ වසමේ වගාබිම් බලන්න ඕන නේද ඇමතිතුමා මින් ඉදිරියට කෘපනිසලා පත්කිරීම කරන විට කුඹුරක් වැඩ නොකල නියරක නොගිය කුඹුරකට බහින්න බැරි කිසිවෙකුට එම පත්වීම් දෙන්න නම් එපා එහෙම අය ඉදගෙන නැහැ කියනවා (Sit and No= සිටානෝ ) මිස කරන වැඩක් නැහැ
චීන කෙල්ල ඇවිල්ලා කොරෝනා දීලා ගියා. එන්නත් ගැහුවා. බොහෝ පිරිසක් නිතරම ලෙඩින් ඉන්නවා. කොම්පෝස්ට් දුන්නා ගොයම් ලෙඩ හැදූනා. 22 මහ කන්නයට පොහොර මුදල් දෙනවා කිව්වා. තවමත් නැහැ .විදෙස් ආධාරයක් ලෙස අක්කරයට දහ දාහක් දෙනවා කියලා සතියකට පෙර කිව්වා. තවමත් නැහැ. මෙහෙම වුනත් සාගතයක් 23 වසරේ නැතිවෙයිද කියලා කොහොමද හිතන්නේ. අනේ උන්නැහේ කියවන්නෙ නැතුව වැඩක් කරන්නකො.