IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නාකොළගනේ වනාන්තර බලහත්කාරයෙන් අල්ලගෙන

(ඩයනා උදයංගනී)

කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ ප්‍රදේශයේ අලි ඇතුන් ගැවසෙන වනාන්තර හා වගාබිම් ඇතුළු අක්කර 5,400ක පමණ ප්‍රදේශයේ විහාරස්ථානයක නින්දගම් බවට පවසමින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ව්‍යාපාරිකයන්ට හා විවිධ සමාගම්වලට බදුදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට පරිසරවේදීහු චෝදනා කරති.

එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ දෙනමක් ව්‍යාජ සන්නසක් භාවිතා කරමින් ඒවා විහාරස්ථානයට අයත් ඉඩම් බව පවසා කුරුණෑගල හා හම්බන්තොට දිස්ත්‍රික් දේශපාලනඥයින් දෙදෙනකුගේ ද සහය ඇතිව මෙම ඉඩම් කොල්ලය සිදුකරමින් සිටින බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පරිසරවේදී සජීව චාමිකර මහතා පැවසීය.

ඇහැටුවැව, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග්‍රාමනිලධාරී වසම්වල පිහිටි අලි - ඇතුන් ගේ වාසස්ථාන හා වැව්වල ජලපෝෂක ප්‍රදේශ ලෙස පැවති රජයේ වනාන්තර ඉඩම් සහ ජනතාවගේ වගාබිම් මෙලෙස බදු දී ඇති බවත්, එම වනාන්තර අක්කර 50ක් පමණ මේ වන විටත් විවිධ වගාවන් සඳහා විනාශ කරමින් ඇති බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (0)

නාකොළගනේ වනාන්තර බලහත්කාරයෙන් අල්ලගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site