(අංජුල මහික වීරරත්න)
දිස්ත්‍රික්ක කිහිපයක වී වගාව ආශ්‍රිතව පවතින රෝග තත්ත්ව වලට හේතුව පෝෂණ ඌනතාවය සහ ඇතැම් කුඹුරු වල ලවණතාවය (Salinity) ඉහළ යාම බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ගොයම් කහ පැහැ ගැන්වීම,කහ පුල්ලි රෝග තත්ත්වය මෙන්ම කීඩෑ උවදුර හා වටපණු රෝග වී වගාව ආශ්‍රිතව දක්නට ලැබෙන අතර මෙම රෝග තත්ත්වයන් ගැන සෙවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායම් අදාල රෝග පවතින දිස්ත්‍රික්ක වෙත යොමු කර ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවැසූයේ පසුගිය කන්න තුනක් පමණ මූලික පොහොර හෙවත් TSP (මඩ පොහොර ) , යුරියා පොහොර, හා බණ්ඩි පොහොර හෙවත් MOP නොයෙදීම නිසා පසෙහි අන්තර්ගත විය යුතු නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් ප්‍රමාණය අවම වීමෙන් ගොයම් ගසට අවශ්‍ය පෝෂණය නොලැබී ඒවා කහපැහැති වී ඇති බවයි.අදාල රෝග වලක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර මේ වනවිටත් ගනිමින් තිබෙන බවද අමාත්‍යාංශ ලේකම්වරයා අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නිලධාරින් කියන කතාව ගොවියන් පවසන කතාවත් සමග සසඳා බැලීමක් වටිනවා... මීගහතැන්න ප්‍රදේශයේ කුඹුරු යායවල් කීපයක ගොවීන් සමග 10 දින සිදුකළ අදහස් විමසීමකදී ඔවුන් පැවසුවේ මෙවර රජය විසින් ලබාදුන් කාබනික පොහොර යෙදූ කුඹුරුවල පමණක් මෙම තත්ත්වය තිබෙන බවද, එසේ නොයෙදු කුඹුරුවල ගොයමේ රෝගී තත්වයක් නොමැති බවයි ගොයම් ගස්වල මූල පද්ධතියේ යම් ගැටිති වර්ගයක් හටගෙන තිබෙන බව නිරීක්ෂණය වුණා...