(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මෙරට පක්ෂ ගණනාවක් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු එලෙස සාකච්ඡා පවත්වන එක් පක්ෂයක් පමණක් බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
පොදුජන පෙරමුණ මෙන්ම තවත් පාර්ශව ගණනාවක් සමග පක්ෂ කළමනාකරණ මණ්ඩලය සාකච්ඡා පවත්වමින් සිටින බව කී විජයවර්ධන මහතා පක්ෂයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය ගැන තීන්දුවක් ගන්නේ එම සාකච්ඡා නිම වූ පසුව බව සඳහන් කළේය.
සියලු පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුව ගන්නා තීන්දුව කෘත්‍යාධිකාරී මණ්ඩලයත් සමඟ සාකච්ඡා කොට එහි අනුමැතිය ද ලබාගෙන අවසානයේ රටටත් පාක්ෂිකයන්ටත් නිල වශයෙන් දැනුම් දෙන බව කී විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ අරමුණ සියලු පක්ෂ එකතු කරගෙන එක්සත්ව එක ගමනක් යාම බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනා හිතාගෙන ඉන්නේ මේ ගොබ්බයින්ව දාගෙන රට කරවන්න පුළුවන් කියලා... ඉන්න යූ.එන්.පී. කාරයෝත් හලාගන්න පොටක් තමයි. මේ අයට කෙළවෙලා ගියාමවත් රටට හොඳක් වෙයිනේ...
ජයවේවා රනිල් මැතිඳුනි. මේ රට ගොඩ නගන්න පුළුවන් කැපවීමක්, දැක්මක් ඇති එකම නායකයා ඔබයි. පහුගිය මාස 4දී ඔබගේ විදෙස් සබඳතා වලින් රටේ පැවැති ඩොලර් අර්බුදය මැනවින් විසඳුවා. විදුලි බිල මඳක් වැඩි වුණත් දැන් මිනිසුන් කාලා ඇඳලා ඉන්නවා. 2025දී බහුතරයකගේ ඡන්දයෙන් ඔබ ජනපති වනවා සිකුරුයි. එවිට මහින්ද මහත්තයා නැවතත් රටේ අගමැති ධුරයට පත්කරන්න කියලයි ජනතාවගේ එකම ඉල්ලීම...