(මුදිතා දයානන්ද)
කොළඹ මහනගර සභාවට අය විය යුතු වරිපනම් බදු, පදික කඩකුලී හා නිවාස කුලී කෝටි 482කට අධික මුදලක් 2021 වසරේ දෙසැම්බර් 31 වන විටත් අය වි නොමැති බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
එම වාර්තාවට අනුව මෙම හිග ආදායම තුල හිග වරිපනම් බදු 420,20,14,333ක් ද පදික කඩ කුලී 60,23,73,386ක්ද පවතින අතර හිග පදික කඩකුලී වටිනාකම 2021 වසර තුල ලැබූ කඩ කුලී වටිනාකම් මෙන් සියයට 647 ගුණයකි.
වරිපනම් බදු ගෙවිය යුතුව පවතින දේපල අතර රජයේ ආයතත සතු දේපල ඒකක 166ක් පවතින බවද එම ආයතන වලින් අය විය යුතු වරිපනම් බදු මුදල කෝටි 50කට අධික බවද එම වාර්තාවේ සඳහන් වේ.
කෝටියකට අධික වටිනාකමින් යුත් දේපල ඒකක 24කින් අය විය යුතු වරිපනම් බදු කෝටි 44කට අධික මුදලක්ද එම විග න්‍රිපනම් බදු ආදායම තුළ පවතින බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම තොරතුරු ඇතුළත් වන්නේ කොළඹ මහනගර සභාව සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිඅනට සිදුකළ විගණන වාර්තාවෙහිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනා කළමනාකරණයක් නැතිනිසා කියලා කියන්න ඕනෑ නැහැ. ඇත්තටම මෙම ආයතන සඳහා ගෙවීම් කරන්න තියෙන අවශ්‍යතාව කුමක්ද කියලා පැහැදිලි නැහැ. මධ්‍යම රජයේ වැඩවලින් සංවර්ධනය කරනවා මහාමාර්ග සංවර්ධන අධිකාරිය කරනවා. ජල මණ්ඩලය වතුර දෙනවා පිරිසිදු කිරීම හරියට කෙරෙනවාද කියලා පාරේ ඇවිද්දොත් පේනවා. මේ අකාර්යක්ෂමතාවය නිසා කරන්න ඕනෑ ඔය ආයතනවලට වැටුප් ගෙවීමට මුදල් මධ්‍යම රජයෙන් නොදී සිටීම කියලයි.. මගේ නම් අදහස වෙන්නේ...
තවත් ලොකු පාටියක් දාන්න පුළුවන්