IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොළඹ නගර සභාවට අය වියයුතු කෝටි 482 ක් තවමත් නෑ

(මුදිතා දයානන්ද)

කොළඹ මහනගර සභාවට අය විය යුතු වරිපනම් බදු, පදික කඩකුලී හා නිවාස කුලී කෝටි 482කට අධික මුදලක් 2021 වසරේ දෙසැම්බර් 31 වන විටත් අය වි නොමැති බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ. 

එම වාර්තාවට අනුව මෙම හිග ආදායම තුල හිග වරිපනම් බදු 420,20,14,333ක් ද පදික කඩ කුලී 60,23,73,386ක්ද පවතින අතර හිග පදික කඩකුලී වටිනාකම 2021 වසර තුල ලැබූ කඩ කුලී වටිනාකම් මෙන් සියයට 647 ගුණයකි. 

වරිපනම් බදු ගෙවිය යුතුව පවතින දේපල අතර රජයේ ආයතත සතු දේපල ඒකක 166ක් පවතින බවද එම ආයතන වලින් අය විය යුතු වරිපනම් බදු මුදල කෝටි 50කට අධික බවද එම වාර්තාවේ සඳහන් වේ. 

කෝටියකට අධික වටිනාකමින් යුත් දේපල ඒකක 24කින් අය විය යුතු වරිපනම් බදු කෝටි 44කට අධික මුදලක්ද එම විග න්‍රිපනම් බදු ආදායම තුළ පවතින බවද එම වාර්තාවේ සඳහන් වේ. 

මෙම තොරතුරු ඇතුළත් වන්නේ කොළඹ මහනගර සභාව සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිඅනට සිදුකළ විගණන වාර්තාවෙහිය.

 



අදහස් (2)

කොළඹ නගර සභාවට අය වියයුතු කෝටි 482 ක් තවමත් නෑ

පියතිස්ස Wednesday, 11 January 2023 06:09 PM

මනා කළමනාකරණයක් නැතිනිසා කියලා කියන්න ඕනෑ නැහැ. ඇත්තටම මෙම ආයතන සඳහා ගෙවීම් කරන්න තියෙන අවශ්‍යතාව කුමක්ද කියලා පැහැදිලි නැහැ. මධ්‍යම රජයේ වැඩවලින් සංවර්ධනය කරනවා මහාමාර්ග සංවර්ධන අධිකාරිය කරනවා. ජල මණ්ඩලය වතුර දෙනවා පිරිසිදු කිරීම හරියට කෙරෙනවාද කියලා පාරේ ඇවිද්දොත් පේනවා. මේ අකාර්යක්ෂමතාවය නිසා කරන්න ඕනෑ ඔය ආයතනවලට වැටුප් ගෙවීමට මුදල් මධ්‍යම රජයෙන් නොදී සිටීම කියලයි.. මගේ නම් අදහස වෙන්නේ...

:       0       0

Bandara Thursday, 12 January 2023 12:28 AM

තවත් ලොකු පාටියක් දාන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site