(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නව තනාපතිවරුන්  තිදෙනකුගේ පත්වීම් සඳහා  උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවූ  බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ඒ අනුවලෙබනන් ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කපිල සුසන්ත ජයවීර මහතා පත් කිරීම සඳහාත්බහරේන් රාජධානියේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස එච්.එම්.ජී.ආර්.ආර්.කේ. විජේරත්න මෙන්ඩිස් මහත්මිය  පත්කිරීමටත් ඉතියෝපියානු ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සහ අප්‍රිකානු සංගමයේ මෙරට නිත්‍ය නියෝජිතවරයා ලෙස කේ.කේ.තෙෂාන්ත කුමාරසිරි මහතා පත් කිරීමටත්  උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය දුන් බවද  ඇය සඳහන් කළාය.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05)  වැනිදා  පාර්ලිමේන්තුවේදී රැස්විය.

මෙම රැස්වීමට  අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  අනුර ප්‍රියදර්ශන යාපා,  වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ  විජිත හේරත් යන මහත්ම මහත්මීන්  ඇතුළු පිරිසක්  සහභාගී වූහ.