
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් ( Eileen Laubacher) මහත්මිය අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
රටේ වත්මන් ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති සාධනීය පියවර පිළිබඳ ඇමෙරිකා රජයේ ප්‍රසාදය අයිලීන් ලෝබකර් මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ සිදු කෙරෙමින් පවතින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළු ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා ලෝබකර් මහත්මිය දැනුවත් කළ අතර මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සම්බන්ධ කරුණු මෙන්ම ඒ සඳහා සමුද්‍රීය සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළේය.
ලෝබකර් මහත්මිය මෙහිදී සදහන් කළේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ හවුල්කාරිත්වය අගය කරන අතරම දෙරට අතර හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට උනන්දුවෙන් පසුවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඉතින් බනින්නෙයි කියලයි.
ප්‍රසාදය පල කරන්න තරම් මෙහේ ආර්ථික ප්‍රතිසංස්කරණයක් පේන්න නැහැ. කෝප් කමිටුව හරහා සහ විගණන දෙපාර්තුමේන්තුව හරහා දිනපතා අසන්නට ලබන්නේ දුෂණ, වංචා, හොරකම්, කප්පම්, කොමිස්, නාස්තිය පමණයි. එහම ආර්ථික ප්‍රතිසංස්කරණයක් වෙනවා නම්, මේ රට දුප්පත් රටක් කියල මේ ජනාධිපති විසින් නිල වශයෙන් ප්‍රකාශ කරනවයි?
අර්තික ගැටළු කොපමන හොඳට විසඳුනාද කියනවනම් විශුාම වැටුප් සහ රජ්ය සේවක වැටුප් ගෙවගන්නෙත් බොහොම අමාරුවෙන්.
මෙන්න අපට ලැබුන ප්‍රසාදය ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය වැනි රටවල ඇති වී තිබෙන ආර්ථික අර්බුද හේතුවෙන් එම රටවල දරිද්‍රතාව ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුවේ ගෝලීය ආර්ථික අපේක්ෂාවන් පිළිබඳ ජනවාරි වාර්තාව පෙන්වා දී ඇත. ඒ හේතුවෙන් එම රටවල පවුල් පෝෂ්‍යදායි ආහාර ගැනීම අඩු කර ඇති බවත් විදුලිය කප්පාදුවට හුරු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වී තිබේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතාගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 3 ක් ඉදිරියට එමින් ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර හතරවන ස්ථානය හිමිකරගෙන ඇත.පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාවට හත්වෙනි ස්ථානය හිමිවී තිබුණි.
කියලා වැඩක් නැහැ... රනිල් නම් වැඩ්ඩෙක් තමයි...
ඇමෙරිකාව ආසයි.... අපි දුක්, කම්කටොළු, ප්‍රශ්නවල එරිලා එන්නවට..! එතකොට අපිව එයාලට රූකඩ වගේ නටවන්න පුළුවන් නිසා නේද?
නමින්ම හිතාගන්න පුළුවන් සතයකින්වත් උදව්වක් ලැබෙන්නේ නැහැ...
ඔය කතාවෙ හඩපටය ඇහෙන්න දෙන්න. එතකොට විශ්වාස කරන්න පුලුවන්. ඇමරිකවෙ නිලදාරින් කවත ඉන්නෙ දුප්පත් ජනතාවත් සමග. හොරුන්ට කිසිම ගැලවිමක් නැහැ. ජනතා චන්දෙන් පත් නොවි හිට්ල්‍රර් වගෙ නම්. ච්න්දෙ දිනලා අවානම් මොනවා නොකරයිද. ට්‍යි කොට්ට ඇන්දට. මුන් මිහරක් රෑනක් ඉන්නෙ. රට කරන්න
අටවන පිනාට වන්දිබට්ටකම් කරන්න සල්ලි වලට ආත්මය විකුනන එවුන් ඉන්නවද කියල කාට හරි දැන ගනන් ඔන නම්, මෙ උඩින් තියෙන අදහස් වලට අකමැත්ත දාලා තියෙන ගනන බලන්න. . මෙ රට කන එවුන් කවුද කියල මෙකෙන් ම හොය ගන්න පුලුවන්..
මට තියෙන ගැටලුව "දෙරට අතර හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට උනන්දුවෙන් පසුවන බවයි. " අපට කියන්න අමෙරිකාවේ ආරක්ෂක කෞන්සිලයෙන් රියර් අද්මිරාල් කෙනෙක් ඇවිත් ඉන්නෙ එච්චර හොඳකට වෙන්න අමාරුයි. චීනෙට ඉස්සෙල්ලා රටෙන් කෑල්ලක් ඕනෑ ඇති මගෙ හිතේ, යුද්ධයක් පටන් ගත්තොත් තායිවානය එක්ක චීනය...