
(විමුක්ති එස් රුද්‍රිගු)
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතාගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 3 ක් ඉදිරියට එමින් ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර හතරවන ස්ථානය හිමිකරගෙන ඇත.පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාවට හත්වෙනි ස්ථානය හිමිවී තිබුණි.
නව දර්ශකයට අනුව ශ්‍රී ලංකාව නිල උද්ධමනය දෙසැම්බර් මස සියයට 66 ක් ලෙස සඳහන් වුවත් මෙරට සැබෑ උද්ධමනය සියයට 101 ක් බව ස්ටීව් හැන්කේ මහතා පෙන්වා දී ඇත.
නවතම දර්ශකයේ ප්‍රථම ස්ථානය සිම්බාබ්වේටත්, දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත්, තෙවැනි ස්ථානය කියුබාවටත් හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපෙ පොල් බුරුවෙක් කිව්වෙ..අපි දැන් උද්දමනෙ අඩු කරන් යනව කියල... උද්දමනය කොහෙ අඩුවෙන්න්නද මසෙකෙට කොටි 1000 ක් තව නය වෙනකොට.. මුන්ගෙ හිතෙි අපිත් මුන් වගෙ පොල් බුරුවො කියල.
දැන්වත් තේරෙනවද මහබැංකුව කට ඇරියොත් කියන්නේ අමූලික බොරු කියලා...? පිනාගේ පදේට ඒකෙ ඉන්න අයත් නටනවා. තමන් ඉගෙන ගත්තු ආර්ථික විද්‍යාවයි, ගණකාධිකරණ දැනුමයි බල්ලාට දාලා ඕනෑ එපාකම් සපුරනවා... රටට මෙහෙම කෙළවෙලා නවතියිද ඉතින්...
මේ වාර්තා නම් විශ්වාස කළ හැකි තත්ත්වයක නැහැ. ලෙබනන් තියෙන්නෙ 16 වෙනි තැන. නමුත් ඒ රට ආර්ථික වශයෙන් ලොකු ප්‍රපාතයක ඉන්නෙ . මේවා හදන්නෙ වැටුණු රටවලට උද්ව්වටද නැත්නම් තව තවත් පහළටම ඇදලා දාලා පාගගෙන එයාලගෙ අරමුණු ඉටුකරගන්නද දන්නෙ නෑ.
"ලබන මස ලොව හොඳම රට ශ්‍රී ලංකාව" මේක බොරුවක්නේ...!
හොරකමින් සහ බොරුවෙන් අංක 01... අපි හින්දා මේක ගණන් ගන්න එපා..