(සුජිත් හේවාජුලිගේ)

මේ මාසයේ  විශ්‍රාම වැටුප් මුදල් අදාළ බැංකු ශාඛාවලට අද මුදා හරින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.

භාණ්ඩාගාරයේ මූල්‍ය තත්වය හේතුවෙන් මුදල් බැංකුව වෙත මුදාහැරීම ප්‍රමාද වූ බව ද  ඔහු සඳහන් කළේය.

විශ්‍රාම වැටුප සඳහා මාසිකව වැය කෙරෙන  මුදල රුපියල් කෝටි 2600 කි.