IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කැනේඩියන් මහ කොමසාරිස් විදේශ අමාත්‍යංශයට කැඳවයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු තවත් දෙදෙනකුට කැනේඩියානු රජය සම්බාධක පැනවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ශ්‍රී ලංකාවේ කැනේඩියානු වැඩබලන මහ කොමසාරිස්වරයා අද (11) උදෑසන විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇත.

1983 සිට 2009 වසර දක්වා කාලය තුළ සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට සහ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට කැනඩා රජය සම්බාධක පනවනු ලැබින.

ඔවුන්ට කැනඩාවේ වතක්ම් ඇතොත් එම වත්කම් අත්හිටුවන බවත් කැනඩාවට ඇතුළු විය නොහැකි බවත් කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය ප්‍රකාශ කර ඇත.



අදහස් (13)

කැනේඩියන් මහ කොමසාරිස් විදේශ අමාත්‍යංශයට කැඳවයි

Sunil Wednesday, 11 January 2023 11:44 AM

මහ කොමසාරිස්තුමාටත් කැනේඩියානු රජයටත් අපි කියන්නෙ මෙ කාරනයෙදි ඉතාම තදින් සිටින්න. ඔබෙ තීරන වෙනස් කරන්න එප. වරදකරුවන් නිසි දඩුවම් ලැබිය යුතුමයි.

:       26       58

KuleWednesday, 11 January 2023 12:24 PM

කුරීරු ත්‍රස්තවාදයෙන් රට බෙරගත්, නේද සුනිල්?

:       27       19

Hafeel Wednesday, 11 January 2023 02:27 PM

කුරීරු ත්‍රස්තවාදයෙන් රට බේරගත්ත එකට ප්‍රශංසාව තියනවා. කුරීරු ත්‍රස්තවාදයෙන් රට බේරගත්තු පළියට, උපහාරයක් හැටියට රටේ සම්පත් හොරකම් කරන්න බැහැ. නමුත් රටේ සම්පත් හොරකම් කළාට ලංකාවේ දඬුවම් නොදුන්නාට, ලෝකේ කොහේ හරි දඬුවම් දියයුතුයි. යුද බිමේ ජීවිත පරදුවට තබා සටන් කළ අපේ විරුවන්ට පොඩි වරදකට හෝ අද දඬුවම් ලැබනවා නම්, සීතල කාමරයේ හිටපු මේ දෙදෙනාට කෝ නීතිය...?

:       5       14

ජයන්ත Wednesday, 11 January 2023 03:39 PM

මේක වෙනමම කරුණක්... දෙමළ ඩයස්පෝරාවේ ප්ලෑන් එකක්... දේශපාලනය පැත්තක තියලා රට වෙනුවෙන් මේ තීරණය වෙනස් කළ යුතුයි... ත්‍රස්තවාදීන්ට එරෙහිව කරපු සටනට ප්‍රතිචාරයක් මිස වෙන දෙයක් මෙතැනදී නැහැ...

:       6       8

ABWednesday, 11 January 2023 07:00 PM

පසුගිය UN සකච්ඡා සඳහා සහභාගි වී ලංකාවේ තුළ සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් කටයුතු කරන බවට පොරොන්දු වූ විදේශ ඇමැතිවරයා, ශ්‍රී ලංකාවේ කැනේඩියානු වැඩබලන මහ කොමසාරිස්වරයා අද (11) උදෑසන විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ප්‍රශ්න කිරීමෙන් ඵලක් නැත. කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටින්නේ UN සකච්ඡා සඳහා සහභාගි වූ විදේශ ඇමැතිවරයා පොරොන්දු වූ පරිදි මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසයි. ජිනීවා හෝ නිව්යෝර්ක් සමුළු වෙත ගොස් විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වුවත් විසඳුම් ලබානොදීම පිලිබදව ජාත්‍යන්තරය ප්‍රශ්න කර සිටීම, තානාපති හෝ මහකොමසාරිස්වරුන් සිදුකරනු ලබන්නේ ලංකාවේ ගැටළුවට සාධනීය පිළිතුරු ලබාදීමට රජයන් අපොහොසත් වීම නිසාවෙනි..

:       0       1

එතෙ⁣ර අපි Wednesday, 11 January 2023 12:31 PM

තේ ⁣එහෙම බොන්න දෙන්න වෙන්න ඇති...

:       2       11

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 11 January 2023 01:13 PM

විධායකය පරදා අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රදර්ශනය වූ අවස්ථාවක් ලෙස සිතෙනා මොහොතක් .. රටේ විධායක බලයේ ඉව වහා ගිය අසීමාන්තික බලය වැරදි ලෙස භාවිතා කළ මෙවැන්නන් හට ලැබ දුන් මේ නිසි දඬුවමට ගරු අධිකරණයට ප්‍රශංසා වේවා .. විධායකයේ අසීමිත බලතල අඩු කිරීමට හා අධිකරණයට යටත් කළ හැකි විධායකයක් මේ රටට ලැබේවායි පතමු.

:       13       16

Lalla Wednesday, 11 January 2023 01:52 PM

මේ නම් සඳහන් අයට කැනඩාවේ දේපළ තියෙනවා නම් ඒ කොල්ලකාලා හංගපුවා. ඒවා ආයිමත් මොවුන්ට දෙන්න ඕන නෑ නේද? අනික රාජපක්ෂ පවුල ගැන අපේ ආණ්ඩුව මේ තරමට සලකන්න ඕනෑ ඇයි? කොල්ලකාලා රට වනසපු වනසත්තු...

:       11       16

Sas Wednesday, 11 January 2023 02:52 PM

කැනඩා රජයට ස්තුතියි.

:       9       11

පිටිගල මිලානෝ Wednesday, 11 January 2023 03:17 PM

රාජපස්සලාට ආයෙත් වීසා ලැබෙන්නේ අවීචි මහා නරකාදියට විතරයි.

:       6       9

ලුම්බිණි Wednesday, 11 January 2023 03:32 PM

හොඳ ආරම්භයක්.

:       3       5

lankasri Wednesday, 11 January 2023 03:49 PM

අනේ ජොලී නම් හරි ජොලි වගෙ.

:       1       2

siri Wednesday, 11 January 2023 05:53 PM

අපොයි... කැනඩා රජයට දැන් හීන්දාඩිය දාලා ඇති...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site