(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු තවත් දෙදෙනකුට කැනේඩියානු රජය සම්බාධක පැනවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ශ්‍රී ලංකාවේ කැනේඩියානු වැඩබලන මහ කොමසාරිස්වරයා අද (11) උදෑසන විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇත.
1983 සිට 2009 වසර දක්වා කාලය තුළ සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට සහ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට කැනඩා රජය සම්බාධක පනවනු ලැබින.
ඔවුන්ට කැනඩාවේ වතක්ම් ඇතොත් එම වත්කම් අත්හිටුවන බවත් කැනඩාවට ඇතුළු විය නොහැකි බවත් කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ කොමසාරිස්තුමාටත් කැනේඩියානු රජයටත් අපි කියන්නෙ මෙ කාරනයෙදි ඉතාම තදින් සිටින්න. ඔබෙ තීරන වෙනස් කරන්න එප. වරදකරුවන් නිසි දඩුවම් ලැබිය යුතුමයි.
තේ එහෙම බොන්න දෙන්න වෙන්න ඇති...
විධායකය පරදා අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රදර්ශනය වූ අවස්ථාවක් ලෙස සිතෙනා මොහොතක් .. රටේ විධායක බලයේ ඉව වහා ගිය අසීමාන්තික බලය වැරදි ලෙස භාවිතා කළ මෙවැන්නන් හට ලැබ දුන් මේ නිසි දඬුවමට ගරු අධිකරණයට ප්‍රශංසා වේවා .. විධායකයේ අසීමිත බලතල අඩු කිරීමට හා අධිකරණයට යටත් කළ හැකි විධායකයක් මේ රටට ලැබේවායි පතමු.
මේ නම් සඳහන් අයට කැනඩාවේ දේපළ තියෙනවා නම් ඒ කොල්ලකාලා හංගපුවා. ඒවා ආයිමත් මොවුන්ට දෙන්න ඕන නෑ නේද? අනික රාජපක්ෂ පවුල ගැන අපේ ආණ්ඩුව මේ තරමට සලකන්න ඕනෑ ඇයි? කොල්ලකාලා රට වනසපු වනසත්තු...
කැනඩා රජයට ස්තුතියි.
රාජපස්සලාට ආයෙත් වීසා ලැබෙන්නේ අවීචි මහා නරකාදියට විතරයි.
හොඳ ආරම්භයක්.
අනේ ජොලී නම් හරි ජොලි වගෙ.
අපොයි... කැනඩා රජයට දැන් හීන්දාඩිය දාලා ඇති...!