IMG-LOGO

චක්‍රලේඛය අවලංගු කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් බාර ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දෙමින් නිකුත් කළ චක්‍ර ලේඛනය අවලංගු  කරගනු ලැබූයේ මැතිවරණ කොමිෂන් සභාව පෙර ඇති කරගත් එකඟතාවය මත ඡන්දය සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලිඛිතව කරුණු දක්වා තිබීම නිසා යැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.

ඉහත චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවේ අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පළාත් පාලන මැතිවරණය ආසන්නව පවතින අවස්ථාවේ දී මැතිවරණ කොමිෂන් සභාවේ බෙදීමක් පවතින බවට පළවූ අදහස සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සමග ඉකුත් සතියේදී සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

ඇති වී තිබෙන ගැටළු සම්බන්ධයෙන්  නීතිපතිවරයා සමග වාචිකව හෝ ලිඛිතව කරුණු සාකච්ඡා කොට විසඳුම් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී උපදෙස් දුන්නේය.



අදහස් (9)

චක්‍රලේඛය අවලංගු කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

sena Wednesday, 11 January 2023 11:05 AM

හිටපු ලොක්කත් ඔහොම මයි අද නියෝද කරනවා හෙට අවලංගු කරනවා.

:       1       26

pathirana Wednesday, 11 January 2023 11:06 AM

තණකොළ නැහැ ගහ මුදුනේ එකයි බිමට බහින්නේ.

:       0       0

ranjith Wednesday, 11 January 2023 11:19 AM

අලි පොහොට්ටු හොරුන්ගේ දේශපාලනය කුණු කූඩයට වැටෙන්න ආසන්නයි

:       3       34

sharm warn Wednesday, 11 January 2023 11:21 AM

ආ එහෙම නැතුව පැරදෙන්න යන පාටක් තියන නිසා නෙමෙයිද ?එහෙනම් ඉතින් කමක් නෑ

:       1       33

Sunil Wednesday, 11 January 2023 11:31 AM

මැතිවරන කොමිසම ස්වාදීන අයතනයක්. පින් ජනාදිපති එම කොමිසම සමග සකච්චා කිරීම සදාචාර විරෝදීදීකටයුත්තක්.

:       2       25

Rocky Wednesday, 11 January 2023 11:57 AM

දැන් අප්සට් ගහලා.කරන්නේ මොනවද දන්නේ නැහැ

:       1       22

nanda Wednesday, 11 January 2023 12:54 PM

රාජ්‍ය සේවයේ ඉහල තනතුරු වල 8 පාස් කට්ටිය නෙමෙයි ඉන්නේ රටේ නීති රෙගුලාසි දන්නා කට්ටිය .ඒ නිසා නායකයෝ කියාගන්න අය පැත්තකට වෙලා හිටියනම් හරි

:       0       13

නිලන්ත Wednesday, 11 January 2023 02:17 PM

එහෙම තමයි අපි හිතාගෙන ඉන්නෙ නමුත් මැතිවරණය ප්‍රකාශයට පත්කල අවස්ථාවේ සිට දිසාපතිවරු තේරීම්භාර නිළධාරින් වෙනවා මැතිවරණ කොමසාරිස්වරයා නැත්නම් කොමිසම බලධාරීන් වෙනවා එහෙම වෙලාවෙ දිසාපතිතුමන්ලාට මැතිවරණ බලතල යටතේ මුදල් ගැනීම තහනම් කරන්න කාටවත් අයිතිය නැහැ ඔවුන්ට භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්න හැකියාව නැහැ මොකද ඔවුන් මැතිවරණ සදහා දිස්ත්‍රික් නිළධාරින් නිසා තමන්ගෙ වගකීම ඉටුකරන්න ඕන .කොහොම වුනත් රාජ්‍ය පරිපාලන ලේකම් කරල තියෙන්නෙ අනවශ්‍ය වැඩක් .එය නැහැ කියනවානම් ඔහුට තියෙන පලපුරුද්ද ගැන සැකයක් ඇතිවෙනවා ඇයි ඔහුට නියෝගය ලැබුනාම ඇමතිට ඇත්ත පහදාදීමට දැනුමක් නැද්ද නැත්නම් දේශපාලුවො නිළධාරින්ට ඇහුම්කන් දෙන්නෙ නැද්ද අපි පළාබබාල උපදින්න පෙරත් දිසාපති තනතුරු අහෝසි කරන තුරුත් දිසාපති තුමන්ලා සමග කටයුතු කරල තියෙනවා එතුමන්ලා එම අවස්ථාල තීරණ ගැනීම කලහැටි දේශපාලුවන්ට කොන්ද නොනැමූ හැටි දැක්කා (එම තත්වයත් දිසාපති තනතුර නැතුව යන්න හේතුවක් වුනා ) පොලිසියට නොයෝගදී සාධාරණ මැතිවරණ කලා

:       0       5

fairoos Wednesday, 11 January 2023 01:54 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව කොහොමත් ඡන්දයකට බයයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site