
(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් බාර ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දෙමින් නිකුත් කළ චක්‍ර ලේඛනය අවලංගු කරගනු ලැබූයේ මැතිවරණ කොමිෂන් සභාව පෙර ඇති කරගත් එකඟතාවය මත ඡන්දය සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලිඛිතව කරුණු දක්වා තිබීම නිසා යැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.
ඉහත චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවේ අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පළාත් පාලන මැතිවරණය ආසන්නව පවතින අවස්ථාවේ දී මැතිවරණ කොමිෂන් සභාවේ බෙදීමක් පවතින බවට පළවූ අදහස සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සමග ඉකුත් සතියේදී සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
ඇති වී තිබෙන ගැටළු සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග වාචිකව හෝ ලිඛිතව කරුණු සාකච්ඡා කොට විසඳුම් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ලොක්කත් ඔහොම මයි අද නියෝද කරනවා හෙට අවලංගු කරනවා.
තණකොළ නැහැ ගහ මුදුනේ එකයි බිමට බහින්නේ.
අලි පොහොට්ටු හොරුන්ගේ දේශපාලනය කුණු කූඩයට වැටෙන්න ආසන්නයි
ආ එහෙම නැතුව පැරදෙන්න යන පාටක් තියන නිසා නෙමෙයිද ?එහෙනම් ඉතින් කමක් නෑ
මැතිවරන කොමිසම ස්වාදීන අයතනයක්. පින් ජනාදිපති එම කොමිසම සමග සකච්චා කිරීම සදාචාර විරෝදීදීකටයුත්තක්.
දැන් අප්සට් ගහලා.කරන්නේ මොනවද දන්නේ නැහැ
රාජ්‍ය සේවයේ ඉහල තනතුරු වල 8 පාස් කට්ටිය නෙමෙයි ඉන්නේ රටේ නීති රෙගුලාසි දන්නා කට්ටිය .ඒ නිසා නායකයෝ කියාගන්න අය පැත්තකට වෙලා හිටියනම් හරි
මේ කාලකණ්ණි ආණ්ඩුව කොහොමත් ඡන්දයකට බයයි.