(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
තමාට එරෙහිව පැවැත්වීමට යන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජය විතානගේ මහතා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සම ප්‍රසන්න ද සිල්වා සහ කේමා ස්වර්ණාධිපති මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.
පරීක්ෂණ අවසන් වී ඒ පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි බවත් පරීක්ෂණයක් පැවැත්වෙන අතරතුර එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරනු ලැබීය.
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජය විතානගේ මහතා විසින් ගොනු කරනු ලැබ ඇති මෙම ප්‍රතිශෝධන පෙත්සමේ මෙසේද සඳහන් වේ.පෙත්සම්කරු ප්‍රසම්පාදන මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇතැයි චෝදනා කරමින් ඒ පිළිබඳ සොයා බැලීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් අරඹන බව පළාත් භාර ආණ්ඩුකාරවරයා විසින් දැනුම් දෙන ලදි. ඒ පිළිබඳව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලදි.
ඉන් අනතුරුව පෙත්සම්කරු ඊට එරෙහිව කුරුණෑගල මහාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කෙරින.දැනට පැවැත්වෙන පරීක්ෂණයක් සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගත නොහැකි යන පදනම මත එම පෙත්සම නිෂ්ප්‍රභා කර ඇත.ඉන් අගතියට පත් පෙත්සම්කරු ඊට එරෙහිව මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරින.
එසේම අදාල මහාධිකරණ නියෝගය බල රහිත කර තමාට එරෙහිව ඇති පරීක්ෂණය අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට හොරුන්ට ගරු අධිකරණය සහාය දක්වනවා කියලද හිතන්නෙ?
හොඳ වැඩේ හොඳම වැඩේ. ඉස්සර පෙන්නපු හයිරං දැන් වලන්ගු නෑ වගේ.