(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් පැවති 1983 සිට 2009 දක්වා කාලයේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට සහ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට කැනඩා රජය සම්බාධක පනවන බව කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළාය.
ඒ අනුව කැනඩාවේ විශේෂ ආර්ථික රෙගුලාසි පනතට අනුව මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ, මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ කැනඩාවේ තිබෙන වත්කම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලබන බවත් ආගමන හා සරණාගත ආරක්ෂණ පනත ප්‍රකාරව මින් පසු කැනඩාවට ඇතුළු විය නොහැකි බවත් එම නිවේදනයේ දැක්වේ,
කැනඩාව සහ ජාත්‍යන්තර ප්‍රජාව මානව හිමිකම් කඩවීම පිළිබඳ වගවීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියත් ශ්‍රී ලංකා රජය වගවීම සම්බන්ධයෙන් ගෙන ඇත්තේ අර්ථවත් සීමිත ක්‍රියාමාර්ග කිහිපයක් පමණක් බවත් එම නිසාවෙන් මෙසේ සම්බාධක පනවන බවත් එම නිවේදනයේ දැක්වේ.
මානව හිමිකම් කඩ වූවන්ට යුක්තිය ලබාදිය යුතු බවත් මෙම සම්බාධක පැනවීම මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිදු කළ පුද්ගලයන්ට අඛණ්ඩව දණ්ඩමුක්තිය ලබා දීම කැනඩාව පිළි නොගන්නා බවත් පැහැදිලි පණිවිඩයක් ලබා දෙන බව කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි, එයාගේ නම ජොලි කියන්නේ විහිලුවට නෙමෙයිනේ.
මේ සංවේදී කාරණා සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීති කඩ කළ අයට දඬුවම් දීමට ශ්‍රී ලංකාව මෙතෙක් යන්නේ ගොළුබෙල්ලාගේ වේගයෙනි. අවම වශයෙන් දඬුවම් කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ රටවලට ප්‍රශංසා කළ යුතුය. තවත් රටවල් කැනඩාවට එක්විය හැක.....
අප්පට සිරි. එහෙත් තැන්පත් කරලද ? අපි හිතාගෙන හිටියේ සී ෂෙල්ස්, කෙන්යා, ලිච්ටන්ස්ට්ටයින් වගේ රටවල් වල විතරයි කියලයි.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් කැනඩාවෙන් සම්බාධක පැනවීම සම්බන්දව නිකුත්කල නිවේදනයත් නිකුත් කර තිබේ. 1983 සිට 2009 යුද්දයෙන් පසු ද්‍රවිඩ ජාතීන්ගේ මුලික අවශ්‍ය තත්වයන් ඉටු නොවීම පිලිබදව පාර්ලිමේන්තුවේ සිටින ද්‍රවිඩ දේශපාලන නායකයන්ගෙන් ජාත්‍යන්තර ප්‍රජාව කරුණු විමසිය යුතුවේ.
අහන්න ලැබුණු සතුටුදායක ආරංචියක් කියන්න පුළුවන් මෙයිනුත් පේනවා 1983 සිට 2009 දක්වා රටේ ජනතාව පීඩාවට පත්කිරීම කලේ කවුද කියලා මම එහෙම පීඩාවට පත්වූ පවුලක කෙනෙක් ලෙසට විශ්වාස කලේම 1988-1989 කාලයේ බොහෝවිට මිනීමැරුම් කලේ ජනතා විමුක්තිකාමීන් නොවෙයි මොවුන් කියලමයි මොකද ඒ කාලයේ රජයේ කාර්‍යාල වල අපිත් සමග සිටි මහින්ගේ පක්ෂයේ සමහරක් අය එවැනි දේවල් කලා කියලා කතා කාර්‍යාලවල තිබුනා ලංකාවෙ මිනිස්සු මේවා විශ්වාස නොකලත් කවදාහෝ සත්‍ය හෙලිවෙනවා කියමන දැන් පේනවා සත්‍ය හෙලිකල කැනඩාවට ප්‍රනාමය ලැබේවා
ඝෝටා මහින්ද කැනඩා එන්නේ නැහැ බොලව්. කැනඩාව ගැන හරියට නොදන්නා මිනිසුන්ට කැනඩාව ලොකුයි.
කරලා තියන හින්දා අපට එක දවසට එක වේලක් වත් බඩ පිරෙන්න බත් ටික කන්න බැරිවෙන තැනට කරපු වැඩ වලට ලංකාවෙනුත් සම්බාදක පනවන්න බැරිද?
රාජපක්ෂ කඳවුරට මාර සපෝට් එකක්නෙ කැනඩාව දෙන්නෙ.
එකෙන්ම රෙස්පෙක්ට් කැනඩා රජයට.. ලංකාවේ තරාදියෙන් කිරන ඇස් වැහිච්ච ගෑණි සල්ලිවලට ඕනි දෙයක් කරාවි
මර බිය නැති කරලා රට සංවර්ධනය කරපු ඒ් විශීෂ්ට නායකයන් රැක ගැනීම විෙශ්ෂෙයන් රටට ආදරය කරන සිංහලයන්ගේ යුතුකමක්.
මේක අපි කිව්වම වැරදි පිලි අරන් හදා ගත්තේ නැහැනේ. දැන් හරිනේ.
සම්බාධක විතරක් නෙමේ හොරාකපු එව්ව ආපහු අරගෙන ජිවිත කලයටම හිරගත කරන්න ඔන.
ඔය කාගෙවත් දේපල කැනඩාවේ ඇත්තෙත් නෑ ඔය මිනිස්සු කැනඩාවට යන්නෙත් නෑ. එහෙ දෙමල චන්ද ගන්න කැනඩා ආණ්ඩුව කරන පොඩි සංදර්ශනයක්...!
අනුන්නට මානව හිමිකම් ගැන දේශලා කරන්ට ඉස්සෙල්ලා කැනඩාව තමා රටේ ඉන්නා වූ සහ හිටිය අහිංසාක ආදි වාසීන්ට කරපු සහ දැනටත් කරන මහ පොළොව නුහුලන අපරාධ , අඩත්තේට්ටම් ළමයින් පැහැරගෙන යෑම්, මානුෂ්‍ය ඝාතන ගැන තියන චෝදනාවලට පිළිතුරු දුන්නොත් හොදයි. අනිත් රටවල්වල මානව හිමිකම් කඩවීම් ගැන කතා කරන්න ඉස්සලේලා.
මේ ගැන කැනඩා ආණ්ඩුවට හුරේ දාන අය මිනිස්සු වෙන්න බෑ. එල්ටීටීඊ අවතාර වෙන්න ඕනෑ.
කැනඩාව කියන්නෙ ලෝකෙ ඉන්න ඕනම ත්‍රස්තවාදීයෙකුට රැකවරණය දෙන තැනක්නෙ. කොටි ත්‍රස්තවාදීන්ගේ ක්ශේම භූමිය කැනඩාව. මෙව්වා අමුතු දේවල් නෙවෙයි. මෙච්චර කල් පරක්කු වෙච්ච එකයි පුදුමය
කැනඩාවේ පාලක මහත්වරුනේ, මේ අයට සම්භාධක දැම්මාට වැඩක් නැහැ , උන් මෙහෙට වෙලා හොරකම් කරමින්, දේශපාලනේ කරනවා.
ජය වේවා .කැනඩාව හරියට හරි.මේ ජරාපක්ෂලා හරිනම් දැන් ඉන්න ඕනේ හිරේ.මුන් ඒ තරම්ම නීති විරෝධී ලෙස මානව හිමිකම් කඩ කල කාලකන්නි සෙට් එකක්.මුන්ව අල්ලලා හිරේ දාන්න
කැනඩාව කරන දේවල් නොදන්නා අපේ රටේ මෝඩයන්ට මේක ලොකු දෙයක්.කැනඩා ,යූ එස් ඒ ,එංගලන්තය සහ යුරෝපීය රටවල් ඔක්කොම එකතුවෙලා කොටින්ට උදවු කරනවා.ලෝකේ ඉන්න ලොකුම ත්‍රස්තවාදියෝ උන්.ලංකාවේ මෝඩයෝ උන්ට හුරේ දානවා .කාලකන්නි තමයි මේක හරි කියලා හුරේ දාන්නේ
හොඳ දෙයක්.
නියමයි. අපේ රටෙ නම් ඔන හොරෙක්ට කිසි ප්‍රශ්නයක් නතුව ඉන්න පුලුවන්. මොඩ කාලකන්නි රැලක් මුන් පස්සෙ ඉන්නවනෙ.
ඒ අය ඕවා කරන්නේ අපිට ඇති ආදරයට නෙවෙයි... දෙමළ ඡන්ද ටික බාගන්න.
තුන්මුල්ලෙ විමලේ කොහේද?
මේ බටහිර කුමන්ත්‍රන ඉදිරියේ රට වෙනුවෙන් නොසැලෙමු. හෙලයිනි අවදිවව්. මෙවර මැතිවරනයේදී ඉහලින්ම පොහොට්ටුව දිනවමු.
කොහොමහරි කමක් නෑ රටින් පන්නපු ඩොලර් බිලියන ගාන අපහු ගෙන්න ගන්න ක්‍රමයක් අපිට හදල දෙනවනම් මෙ රටවල් එකතු වෙලා. මහින්ද ගෝට හිරේ යන්න ඔන නැහැ අපිට දැන් ඔන හොරාකාපු කරපු සල්ලි විතරයි
කොටි ත්‍රස්තයෝ රෙද්ද අස්සෙ දාගෙන චන්ද ගන්න ගහන ගේම් මහින්ද හොරා කාපුවට දඩුවම් දුන්නත් රට ත්‍රස්තයින්ගෙන් මුදවන්න ඔහු ගොටා. නායකත්වයදුන්න
දැන් අපේ බයි වහල්ලු සෙට් එක කියයි මේ දෙන්නා නිසා තමයි යුද්දේ දිනුවේ කියලා.. ඔව් යුද්දේ දින්නා තමයි.. ඒත් දැන් අද රට මේ තත්වෙට වැට්ටෙව්වේ මේ දෙන්නා කියලා මතක තියාගන්න...
කැනඩාව කොහොමටත් ලංකාවට වඩා ලොකුයි බමුණෝ...
ශ්‍රී ලංකාවේ ඉන්න සමහරක් ලෝකයා කියන ඕනම බොරුවක් ඉස්මුදුනින්ම පිළිගෙන... ගරහන අමුතුම ජාතියේ සත්ව කොට්ඨාශයක් සිටින රටක්. සෝල්හයිම් වගේ කෙනෙක් අපේ මව්බිමට සේන්දුවෙනකොටම මම දැනගෙන සිටිය අනතුරක් අතළඟ බව.. කණගාටුවට කරුණ මේ ත්‍රස්තවාදී රටවලට අපේ සමහරක් ත්‍රස්තවාදියෝ අනුබල දීමයි...
රාජපක්ශල කියන්නෙ යුද්ද අපරාද කාරයො .. මොවුන්ව අල්ලලා ජාත්යන්තර උසාවියකට දාල ... අර ස්දාම් හුසෙන්ට දීපු දඩුවම දෙදෙ ඔනෙ .
ඕකත් එහෙ කට්ටිය ලවා කරවාගන්න ඡන්ද කැම්පේන් එකක්. ඔක මීට කළින් නොකළේ ඇයි... ඩයස්පෝරාවත් සල්ලිවලට අරන් වගේ මෙහෙ අය... අනික මහින්ද ලංකාව දාලා කොහේවත් යන කෙනෙක් නෙවෙයි. ඔය හදිසියකට දවසකට, දෙකකට ගියාට...
දැන් අපි පටන් ගමු බටහිර මාෆියාවට ඕනේ විදියට අපේ රට පාලනය කරන්න ගෝටා මහින්ද නිසා තමයි මේ රට මේ විදියටවත් ඉතුරු වෙලා තියෙන්නේ
මම ඉන්නෙත් කැනඩාවේ . මොන ලබ්බක්ද තියෙන්නේ කැනඩාවේ ස්නොව් හැර . මිනිස්සු එල්ලෙන්න වැල් නැතිව ඉන්නේ වියදම දරාගන්න බැරුව . පෙට්රෝල් මිල , ගෙවල් මිල , භාණ්ඩ මිල අහස උසට නැගල . යකෝ ඒවා විසදපල්ලා රාජපක්ෂලාට සම්බාදක දාන්න කලින් . ඉගෙන ගන්න කියලා ආපු සිසුන් දහ දුක් විදිනවා , ඒ මාර්ගයෙන් ලෝකේ රටවල්වල සල්ලි ටික කැනඩාවට ඇදල ගන්නවා . ඔය බලු වැඩ නවත්තල කැනඩාවේ මිනිස්සුන්ට ජිවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදපල්ලා .දේපල බද්ද, පුද්ගලික බද්ද, මෝටර් රථ රක්ෂණය අහස උසට නැගලා ,උකස් අනුපාතය අහස උසට , ඒවා තියෙද්දී රාජපක්ෂලාට සම්බාදක . රාජපක්ෂලා මොන ඇට බිජ්ජක් ගන්නද කැනඩාවෙන්