(නිමල කොඩිතුවක්කු)
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා මැතිවරණ කමිෂන් සභාව විසින් කැඳවා තිබෙන අවස්ථාවක මැතිවරණයට ඇප බාර ගැනීම නැවත දන්වනතුරු නවත්වන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
මෙය, සහමුළින්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමක් මෙන්ම,ජනතා පරමාධිපත්‍යයට එරෙහිව යාමක් බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මෙය සහමුලින්ම මන්දිර සහ මණ්ඩල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යැයිද කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී අද (10)මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසීය.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාට පසු මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාදාමය පවත්වාගෙන යාම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
මැතිවරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීන්දුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන නීති විරෝධී තීන්දුවක් බවද ප්‍රේමදාස මහතා කීවේය.
ජනතා පරමාධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීම උදෙසා ආණ්ඩුව ගනු ලැබූ මේ අන්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව මුළු රටම සමග පෙරට ඒමට සමගි ජන බලවේගය සූදානම් බවද ඒ මහතා තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මැතිවරණ අවශ්‍ය නැහැ... අපි මෙතන අරගල කරනවා
අගේට පෙරට එයි...
විරෝධතා හෙටට කල් දැමිය යුතු නැත; මැතිවරණ කොමිෂන් සභාව විසින් නියම කර ඇති පරිදි අද සිටම ආරම්භ කර හෙට ඔබේ පක්ෂයේ නාමයෝජනා මැතිවරණ නිලධාරියාට ලබා දෙන්න. මේ අවස්ථාවේ තීරණ ගන්නේ මැතිවරණ කොමසාරිස් නමුත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය. ජනාධිපතිවරයාගේ මෑත කාලීන තීරණ කිහිපයක් අනුව දෝෂාභියෝගයක් අත ළඟ බව මට හැඟේ!
කිසිම ගැටළුවක් නැහැ ගොයියෝ මේ අමාරු අවස්ථාවේ චන්ද තියන්න රටට සල්ලිනැත. උඹලා ටෙස් කරන්නේ උඹලට තිබෙන ජනතා කැමැත්ත. නැතුව පලාත්පාලනේ දින්නා කියක උම්බ්ලාට කරන්න පුළුවන් මගුලක් නැත. උඹලාගේ එෂ්පරිමන්ට් වලට රට බිලිදෙන්න පුළුවන් කමක් නැත. රටේ කැඩුණු කොන්දට දමා තිබෙන ප්ලාස්ටර් කපන්නේ කොන්ද හරිගියාම .එනිසා අතරමග චන්ද එපා. දෙන්දෙයක් කාලා ජෙප්පොත් එක්ක එකතුවෙලා හයියෙන් දොඩවලා බුදිය ගනිල්ලා. හීනෙනුත් දොඩවපල්ලා තෙමාගන්නේ නැතුව.
ආයේ කවදාවත් මේ ආණ්ඩුව මේ රටේ චන්දයක් තියන්නේ නැති බව මෙයාට තේරෙන්නේ නැත්නම් ඒ ගැන කරන්නේ මොකද්ද කියලාවත් මෙයාට අවබෝධයක් නැත්නම් මෙයා රට නායකත්වයට සුදුසුද ?
කැබිනට් මණ්ඩලයට එහෙම කරන්න අයිතියක් තියෙනවද?