(මුදිතා දයානන්ද)
රුහුණු සංචාරක කාර්යංශය මදුනාගල සංචාරක ව්‍යාපෘතිය සඳහා සිදුකළ රුපියල් හාර කෝටි හැට ලක්ෂයකට අධික මුදල නිසිප්‍රයෝජනයක් වී නැතැයි විගණකාධිපති වාර්තාවකින් අනාවරණය වේ.
එම වාර්තාවට අනුව මදුනාගල උණුදිය උල්පත් යොදාගෙන පාද සම්භාහනය කිරිමේ ස්ථානයක් සඳහා රුපියල් 19,79 625ක් වැය කරමින් ඉදිකළ ගොඩනැගිල්ලේ වැඩ අවසන් නොකිරිම නිසා එය එම මුදල් නිසි ප්‍රයෝජනයක් වී නැත.
රුපියල් කෝටි 4,14,52,679ක් වැය කරමින් මදුනාගල සංචාරක කලාපයේ ඉදිකල ආපනශාලාව, විවේකාගාර හා භෝජනාගාරයද භාවිතයට නොගෙන නිෂ්ක්‍රීයව පවතී.
එසේම එම වාර්තාවට අනුව සංචාරක බංගලාව සඳහා රුපියල් 8,37,000ක් වැයකර ලබාදි ඇති විදුලි ජනක යන්ත්‍ර තුනක් අක්‍රියව ඇත. 2007 වසරේදි රුපියල් 13,06,910ක් වැය කරමින් ඉදිකළ ගැමි කඩමණ්ඩිය මේ වන විට නටඹුන් බිමක් බවට පත්ව තිබේ. 27,18,744ක් වැය කරමින් ඉදිකල සංචාරක නිවාසවල සෙවිලි ගහඩු ගැලවි ඒවාද නටඹුන් වෙමින් පවති.
මේ බව සඳහන් වන්නේ දකුණු පළාත් සභාව සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව 2020 දෙසැම්බර් 31 දිනට සිදුකළ විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ... ඒක අමුතු දෙයක් තියෙනවද.?