(ක.ග.කරුණාරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුණ ඉදිරියේ පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් පොලොන්නරු දිස්ත්‍රික ලේකම් කාර්යාලයීය මැතිවරණ අංශයේ අද (10) ඇප මුදල් තැන්පත් කළේය.
පොලොන්නරුව මහ නගර සභාව ඇතුලුව දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන 08ක් සඳහා තම පක්ෂය මෙවර මැතිවරණයේදී තරඟ වදින බව පක්‍ෂයේ මහ ලේකම් නීතිඥ සාගර මහලේකම් මාධ්‍යවේදීන් සමඟ පැවැසීය.එමෙන්ම පසුගිය වසරටත් වඩා විශිෂ්ඨ ජයග්‍රහණයක් මෙවර මැතිවරණයේදී පක්‍ෂයට ලැබෙන බවට තමන් විශ්වාස කරන බවද හෙතෙම කීය.
මේ අවස්ථාවට මහා මාර්ග රාජ්‍ය ඇමති,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක සිරිපාල ගම්ලත්,දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම ඇතුලු පිරිසක් සහභාගීවී සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර පොහොට්ටුවෙ ඇපත් නැතිනිසාද පැල්මඩුල්ලෙ කෙනෙක් හැමතැනම යන්නෙ කියලා අහන්න හිතෙනවා මොකද දැන්ම ඇවිද්දෙ නැත්නම් ආපසු රට වටා යන්න නොලැබේවි කියලා සැකද කියලා කියන්න.